තව දින 3 යි
101 වෙනි ජාත්‍යාන්තර සමුපකාර දින සැමරුම
27 Jun, 2023

2023 ජූලි 01 වෙනි දිනට යෙදෙන 101 වෙනි ජාත්‍යාන්තර සමුපකාර දිනය ‘’තිරසර සංවර්ධනය සඳහා සමුපකාරය’’ යන තේමාව යටතේ සමුපකාරිකයින් රැසකගේ එකතුවෙන් අභිමානයෙන් සැමරීම කොළඹ රාජකීය විද්‍යාලීය නව රඟහලේදී ප.ව 1:00 සිට ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්, ගරු වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මැතිතුමාගේ සහ වෙළඳ රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියාලේන්ද්‍රන් මැතිතුමාගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.