සීමාසහිත අධ්‍යාපන සේවානියුක්තිකයින්ගේ සමූපකාර සකසුරුවම්කම සහ ණයදෙන සමිතියේ සේවකයින්ගේ රු. 10,000.00ක දීමනාව ලබාදීම සම්බන්ධව ඊයේ (22) දින පැවති සාකච්ඡාව.
• සීමාසහිත අධ්‍යාපන සේවානියුක්තිකයින්ගේ සමූපකාර සකසුරුවම්කම සහ ණයදෙන සමිතියේ සේවකයින්ගේ රු. 10,000.00 ක දීමනාව ලබාදීම සම්බන්ධයෙන් එම සමිතියේ මූල්‍ය තත්වය පිළිබඳ සොයා බැලීම සඳහා සමූපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා විසින් කමිටුවක් පත් කරන ලදි.
• එම කමිටුවේ නිර්දේශ ලබාදීම ගරු රාජ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සහ අමාත්‍යාංශ ලේකම්, සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමුපකාර සංවර්ධන කොමසාරිස්/ රෙජිස්ට්‍රාර්, සමූපකාර සේවක කොමිෂන් සභාවේ සභාපති, ලේකම් සහ අමාත්‍යාංශ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් 2021.12.22 දින සිදු කරන ලදි.
• ඉන් අනතුරුව මෙම කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධව අමාත්‍යාංශ නිලධාරීන්, සමුපකාර සංවර්ධන කොමසාරිස්/ රෙජිස්ට්‍රාර්, සමූපකාර සේවක කොමිෂන් සභාවේ සභාපති, ලේකම් යනාදී රාජ්‍ය නිලධාරීන් සහ සීමාසහිත අධ්‍යාපන සේවානියුක්තිකයින්ගේ සමූපකාර සකසුරුවම්කම සහ ණයදෙන සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලය, වෘත්තීය සමිති නියෝජිතයින් සමඟ සාකච්ඡාවක් සිදු කරන ලදි.
•මෙම සාකච්ඡාවේදී ගත් තීරණ,
01. 60% වැටුප් වැඩිවීමක්, ජනවාරි මස 22 වන දින වන විට වර්ජනකාලය තුල නොකෙරුණු වැඩ සියල්ල අවසන් කිරීමෙන් අනතුරුව ලබා දීමට තීරණය විය.
02. මෙම සමූපකාර සමිතිය ගුරුවරුන්ගේ සාමාජිකයින්ගෙන් යුත් සමූපකාර සමිතියක් බැවින් සමූපකාර සමිතියෙන් උපයන ලාභය ගුරුවරුන් සඳහා ලබා දෙන සේවය කිසිඳු ආකාරයට සෑහීමකට පත් නොවන බවත් එවැනි පසුබිමක් තුළ සභාපති අතුලු අධ්‍යක්ෂක මණ්ඩලය ඇතුලු මහා සභාව මෙවැනි සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම සිදු කිරීමට අනුමත කිරීම පුදුම සහගත වන බව අමාත්‍යතුමාගේ මතය විය. ඒ අනුව ඉතිරි 40% වැටුප් ලබා දීමට ඉතා කඩිනමින් දැනට ගුරුවරුන්ට ලබා දෙන ණය පොළී අනුපාතය අඩුකිරීමටත් විශ්‍රාම ගන්නා අවස්ථාවේදී අතිරේක මුදලක් ලබා දීම වැනි කරුණු ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කිරීමට උපදෙස් ලබා දෙන ලදී.
03. ආයතනයේ කාර්ය සාදනය වර්ධනය කිරීම අනිවාර්යමෙන්ම සිදු කළ යුතු බවත් ගුරුවරුන්ට මෙම සමූපකාර සමිතිය මගින් ලැබෙන සේවාවන් ඉතා ප්‍රමාදවන බවත් එම නිසා ගුණාත්මකභාවය වැඩි කර ඉතා කඩිනමින් ගුරුවරුන්ට සිය සේවය ලබා ගැනීම සඳහා කාර්ය සාදන වැඩපිළිවෙලක් සකස් කර ඉදිරිපත් කිරීමටත් යෝජනා කරන ලදී.
04. තොරතුරු තාක්ෂණ වැඩසටහන ඉතා කඩිනමින් ක්‍රියාත්මක කිරීමටත් යෝජනා කරන ලදී.
05. මේ දක්වා වර්ෂ 3 ක ගිණුම් ඉදිරිපත් කර නොමැති අතර එම ගිණුම් ඉදිරිපත් කිරීමටත්, සෑම වර්ෂයකම අදාල දිනවලදී ගිණුම් නියමිත පරිදි ඉදිරිපත් කිරීමේ කටයුතු සිදු කළ යුතු බවත් තීරණය විය.
06. 2022, 2023 වර්ෂයේ සිටම මෙම දීමනාව ලබාදීමට කටයුතු කරනු ලබන්නේ මෙම ආයතනය තුළ ඉදිරිපත් කරන ලද කාර්ය සාදනයන් අඛන්ඩව ක්‍රියාත්මක කළහොත් පමණක් බවත් මෙම සාකච්ඡාවේදී තීරණය විය.
07. එම නිසා විශේෂයෙන්ම මෙම සමිතියේ සියලුම දෙනාට ගුරුවරුන් සම්බන්ධව ලබා දෙන සේවාවන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් කටයුතු කරන ලෙස අමාත්‍යතුමා උපදෙස් දෙන ලදී.
- මාධ්‍ය ඒකකය -
#Lasantha_Alagiyawanna #SLParliament_2021
#State_Ministry_Of_Cooperative_Services_Marketing_Development_and_Consumer_Protection #Sri_Lanka????????