වෙන්නප්පුව, කොලින්ජාඩිය සමූපකාර ග්‍රාමීය බැංකුව සහ කෝප්සිටි වෙළඳසල විවෘත කිරීමට (12.02) දින සහභාගී වූ අවස්ථාව
03 Dec, 2021

සෞභාග්‍යයේ දැක්ම සමූපකාරය සවිබල ගැන්වීමේ ජාතික වැඩසටහනට සමගාමීව මෙම සමූපකාර ග්‍රාමීය බැංකුව සහ කෝප්සිටි වෙළඳසල කොලින්ජාඩිය සමූපකාර ප්‍රජාව උදෙසා විවෘත කරන ලදී.
මෙම අවස්ථාව සඳහා වැවිලි කර්මාන්ත ගරු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මැතිතුමා, වයඹ පළාත් ගරු ආණ්ඩුකාරවර, අධිනීතීඥ රාජා කොල්ලුරේ මැතිතුමා, ශ්‍රී.ලං.නි.ප. පුත්තලම් දිස්ත්‍රික් නායක ගරු දයාශ්‍රීත තිසේරා මැතිතුමා, වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති සුසන්ත පෙරේරා මැතිතුමා, අප අමාත්‍යාංශයේ ලේකම්තුමා, තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් එන්.ජී.එම්. කාරියවසම් මැතිණිය, වයඹ පළාත් සමූපකාර සංවර්ධන කොමසාරිස් සහ රෙජිස්ට්‍රාර් කේ.එම්.එච්.එස්.කේ ජයලත් මැතිතුමා, සීමා සහිත වෙන්නප්පුව විවිධ සේවා සමූපකාර සමිතියේ ගරු සභාපති ඩබ්. ලලිත් ඒ. පීරිස් මැතිතුමා ඇතුලු ගරු අධ්‍යක්ෂක මණ්ඩලයේ නිලධාරීන් සහභාගී විය.