දෙවන Co-op Fresh සමූපකාර අලෙවිසැල අත්තනගලු ආසනයේ හග්ගල්ලේදී (11.07) දින විවෘත වූ වගයි
10 Nov, 2021

මෙහි විශේෂත්වය වනුයේ උදෑසන 08.00 සිට රාත්‍රී 08.00 දක්වා මෙම Co-op Fresh සමූපකාර අලෙවිසැල් පාරිභෝගිකයා වෙත විවෘත වන අතර ඉතාමත් සහනදායී මුදලකට පාරිභෝගිකයා වෙත ගුණාත්මක බවින් ඉහළ භාණ්ඩ සාධාරණ මිළට ලබා දීම මෙහිදී සිදු කරනු ලබයි.
සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයට පැවරී තිබෙන වගකීමට අනුව දැනට තිබෙන සමූපකාර නවීකරණය කර එයට තාක්ෂණයද එක්කොට 5000 කට ආසන්න සමූපකාර ප්‍රාදේශික ජාලයක් දිවයින පුරා ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙළෙහි නියාමක ව්‍යාපෘතියක් ලෙස අත්තනගල්ල ආසනයේ Co-op Fresh සමූපකාර අලෙවිසැල් 3ක් (11.07)දින විවෘත කරන ලදී.
මෙම අවස්ථාව සඳහා වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා, සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යා ලසන්ත අලගියවන්න මැතිතුමා ,ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා, අත්තනගල්ල ප්‍රදේශීය සභා සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර මැතිතුමා, බස්නාහිර පළාත් සමූපකාර කොමසාරිස් රුවිනි විජේවික්‍රම මැතිතුමිය, සී/ස අත්තනගල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපති නීතීඥ හේමන්ත නාගොඩවිතාන මැතිතුමා ඇතුලු අධ්‍යක්ෂක මණ්ඩලය සහ ප්‍රදේශවාසීන් එක්ව සිටියහ.