සිව්වන Co-op Fresh සමූපකාර අලෙවිසැල අත්තනගලු ආසනයේ අත්තනගල්ලේදී ඊයේ (26) දින විවෘත වූ වගයි.
30 Dec, 2021

සිව්වන Co-op Fresh සමූපකාර අලෙවිසැල අත්තනගලු ආසනයේ අත්තනගල්ලේදී ඊයේ (26) දින විවෘත වූ වගයි.

සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයට පැවරී තිබෙන වගකීමට අනුව දැනට තිබෙන සමූපකාර නවීකරණය කර එයට තාක්ෂණයද එක්කොට 5000 කට ආසන්න සමූපකාර ප්‍රාදේශික ජාලයක් දිවයින පුරා ස්ථාපිත කිරීමට නියමිතයි.
මෙහි විශේෂත්වය වනුයේ උදෑසන 08.00 සිට රාත්‍රී 08.00 දක්වා මෙම Co-op Fresh සමූපකාර අලෙවිසැල් පාරිභෝගිකයා වෙත විවෘත වන අතර ඉතාමත් සහනදායී මුදලකට පාරිභෝගිකයා වෙත ගුණාත්මක බවින් ඉහළ භාණ්ඩ සාධාරණ මිළට ලබා දීම මෙහිදී සිදු කරනු ලබයි.
මෙම අවස්ථාව සඳහා ගෞරවණීය අත්තනගල්ල රජ මහා විහාරයේ විහාරාධිපති ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියෝ ඇතුලු විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා, අත්තනගල්ල ප්‍රදේශීය සභා සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර මැතිතුමා, සී/ස අත්තනගල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපති නීතීඥ හේමන්ත නාගොඩවිතාන මැතිතුමා ඇතුලු අධ්‍යක්ෂක මණ්ඩලය, ප්‍රදේශීය සභා මන්ත්‍රීවරුන්, අත්තනගල්ල පොලිස්පතිතුමා සහ ප්‍රදේශවාසීන් එක්ව සිටියහ.