අධ්‍යාපන සමූපකාර සේවයේ නියතු සේවකයින්ගේ වෘත්තීය සමිති නියෝජිතයින් සමග පැවති සාකච්ඡාව
03 Dec, 2021

මෙම සාකච්ඡාව සඳහා අධ්‍යාපන සමූපකාර සේවකයින්ගේ සියලුම වෘත්තීය සමිති නියෝජනය කරමින් නියෝජිතයින් සහභාගී විය. මෙහිදී වෘත්තීය සමිති විසින් කරන ලද වැටුප් වැඩිවීම ලබා දීමට සමිතියේ පවතින මූල්‍යමය තත්ත්වයන් පිළිබඳව සොයා බලා කටයුතු කිරීමට අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එස්.එල් නසීර් මහත්මාගේ සභාපතිධූරයෙන් යුත් කමිටුවක් පත් කිරීමට තීරණය විය.
කමිටුව විසින් ලබන සඳුදා වන විට එම මූල්‍ය තත්ත්වය පිළිබඳව වාර්තාවක් ලබා දීමට නියමිත අතර එම ලබා දෙන වාර්තාව ලබන අඟහරුවාදා(12.07) පැවැත්වෙන සමූපකාර කොමිසන් සභාව වෙත ඉදිරිපත් කර වැටුප් වැඩිවීම සමබන්ධයෙන් නිර්දේශයක් අදාල අධ්‍යාපන සමූපකාර සමිතිය වෙත ලබා දීමට මෙම සාකච්ඡාවේදී තීරණය විය.