05 ස් වන Co-op Fresh සමූපකාර අලෙවිසැල අත්තනගලු ආසනයේ කරස්නාගලදී (26) දින විවෘත වූ වගයි.
11 Jan, 2022

සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයට පැවරී තිබෙන වගකීමට අනුව දැනට තිබෙන සමූපකාර නවීකරණය කර එයට තාක්ෂණයද එක්කොට 5000 කට ආසන්න සමූපකාර ප්‍රාදේශික ජාලයක් දිවයින පුරා ස්ථාපිත කිරීමට නියමිතයි.
මෙහි විශේෂත්වය වනුයේ උදෑසන 08.00 සිට රාත්‍රී 08.00 දක්වා මෙම Co-op Fresh සමූපකාර අලෙවිසැල් පාරිභෝගිකයා වෙත විවෘත වන අතර ඉතාමත් සහනදායී මුදලකට පාරිභෝගිකයා වෙත ගුණාත්මක බවින් ඉහළ භාණ්ඩ සාධාරණ මිළට ලබා දීම මෙහිදී සිදු කරනු ලබයි.
මෙම අවස්ථාව සඳහා අත්තනගල්ල ප්‍රදේශීය සභා සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර මැතිතුමා, සී/ස අත්තනගල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපති නීතීඥ හේමන්ත නාගොඩවිතාන මැතිතුමා ඇතුලු අධ්‍යක්ෂක මණ්ඩලය, ප්‍රදේශීය සභා මන්ත්‍රී පුදීප් මධුරංග මැතිතුමා ඇතුලු ප්‍රදේශීය සභා මන්ත්‍රීවරුන් සහ ප්‍රදේශවාසීන් එක්ව සිටියහ.