99 වන ජාත්‍යන්තර සමූපකාර දින අභිමානවත් සැමරුමට සමගාමීව 2021 පළාත් කාර්ය සාධන තරඟාවලියේ මධ්‍යම පළාත් සමූපකාර සමිති කාර්යසාධන ඇගයීම් උළෙල ඊයේ (12.12) දින මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී නිරෝධායන නීතිරීතීන්ට අනුකූලව පැවැත්වුණි.
මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාර ධූරන්දර නීතිඥ ලලිත් යූ. ගමගේ මැතිතුමා, අප අමාත්‍යාංශයේ ලේකම් ගරු කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර මැතිතුමා, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගරු ගාමිණී රාජරත්න මැතිතුමා, මධ්‍යම පළාත් සමූපකාර කොමසාරිස් ගරු චමිලා අතපත්තු මැතිතුමිය, සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් ඇතුලු මධ්‍යම පළාත් සමූපකාර සමිති නියෝජිතයින් සහභාගී විය.