තොරතුරු තාක්ෂණ අංශය

තොරතුරු තාක්ෂණ ඒකකය

දෙපාර්තමේන්තුවක් ලෙසත් සමුපකාර ව්‍යාපාර‍ය ලෙසත් අප විසින් ළඟාගර ගැනීමට අපේක්ෂිත අරමුණු හා ඉලක්කකාර්යක්ෂමව හා වඩා ඵලදායීව ළඟාකර ගැනීමට මෙන්ම සේවා ලාභී පාර්ශව වෙත ඵලදියී සේවාවක් ලබා දීම සඳහා තොරතුරු තාක්ෂණයේ සහය යොදා ගැනීම මෙම ඒකකය පිහිටුවීමේ ප්‍රධාන අරමුණ වේ. ඒ අනුව,


අපගේ ප්‍රධාන කාර්යයන්,

  • තොරතුරු තාක්ෂණය භාවිතා කරමින් දෙපාර්තමේන්තුවේ කාර්යයන් සිදු කිරීම සඳහා අවශ්‍ය සහය ලබා දීම.
  • පරිගණක ජාලගත කිරීම මගින් දෙපාර්තමේන්තු කටයුතු කඩිනමින් සිදු කර ගැනීමට අවශ්‍ය සහය ලබා දීම.
  • දෙපාර්තමේන්තු වෙබ් අඩවිය නිසි පරිදි යාවත්කාලීනව පවත්වා ගැනීම හා සමුපකාර සමිති සඳහා අවශ්‍ය තොරතුරු හා සේවාවන් ලබා ගත හැකි මාධ්‍යයක් බවට දෙපාර්තමේන්තු වෙබ් අඩවිය පත් කිරීම.
  • සියළුම සමුපකාර සමිති සමඟ සම්බන්ධ තොරතුරු ජාලයක් ස්ථාපනය හා සියළු දත්ත හා තොරතුරුවලින් සමන්විත දත්ත ගබඩාවක් ස්ථාපනය කිරීම, එය යාවත්කාලීනව පවත්වාගෙන යාම.
  • සමුපකාර ව්‍යාපාරය සඳහා අවශ්‍ය තොරතුරු තාක්ෂණ දැනුම ලබා දීම සඳහා මැදිහත් වීම.

වැඩි විස්තර සඳහා

චන්දන ෆොන්සේකා මයා

දිස්ත්‍රික් නිලධ‍ාරි (සමිති,බැංකු,තොරතුරු තාක්ෂණ)

දුරකථන: +94 11 2320835

ඡංගම: +94 77 3543173

ෆැක්ස්: +94 11 2330706

ඊ-තැපෑල: chandana34@gmail.com

ඊ-තැපෑල: dolaw@coop.gov.lk