TamilSriLankaEnglish (UK)

මෙහෙයුම් අංශය

සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ සියලු අංශයන්හි කටයුතු වඩාත් කාර්යක්ෂමව හා විධිමත්ව ඉටුකර ගැනීම සඳහා සමුපකාර සංවර්ධන කොමසාරිස්වරයාට සහය වීම පිණිස, සමුපකාර සංවර්ධන කොමසාරිස්වරයාගේ අධීක්ෂණය යටතේ මෙම අංශය ස්ථාපනය කර ඇත.

අපගේ කාර්යයන්

  • දෙපාර්තමේන්තුවේ අංශගත විෂයයන්ට අදාල සාකච්ඡා මෙහෙයවීම.
  • දෙපාර්තමේන්තුවෙහි අංශගත කාර්යයන්වල ප්‍රගතිය විමසීම.
  • අංශ සම්බන්ධීකරණය කිරීම.
  • අංශවල කාර්යයන් පහසු කිරීම සඳහා පවතින ගැටළු, අරමුණු ආදිය පිළිබඳ සමුපකාර සංවර්ධන කොමසාරිස්වරයා සමග සාකච්ඡා කිරීම.
  • දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක ව්‍යාපෘතිවලට අදාල කටයුතු සඳහා සහය ලබා දීම.
  • බාහිර ආයතන සමග සමුපකාර ක්ෂේත්‍රයට අදාල වූ තොරතුරු හුවමාරුව සහ සාකච්ඡා පැවැත්වීම.

 

වැඩි විස්තර සඳහා :

එම්. ආර්. ප්‍රියන්තා පීරිස් මිය
දිස්ත්‍රික් නිලධාරී (මෙහෙයුම්)
දුරකථන : 011- 2447974
ෆැක්ස්    : 011- 2330705

ආශ්‍රිත සබැඳි

 ජාතික

 අන්තර්ජාතික

 සමුපකාර සමිති