TamilSriLankaEnglish (UK)

සංඛ්‍යා ලේඛන හා වාර්තා

දෙපාර්තමේන්තුවේ කටයුතු ක්‍රමවත්ව සහ ඵලදායී අන්දමින් පවත්වා ගෙන යාමට  වාර්ෂික සැලසුම් සකස් කිරීම සහ ඒ සැලසුම් ප්‍රකාරව එම කටයුතු ප්‍රශස්ථ මට්ටමින් ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ අංශ සම්බන්ධීකරණය, මෙහෙයවීම සහ ඇගයීම් කටයුතු සිදු කිරීම මෙමඟින් සිදුකෙරේ.

ඒ සඳහා,

  • ආයතනයේ ආංශික සැලසුම් ඒකාබද්ධ කොට උපාය මාර්ගික සැලැස්ම හා වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම
  • ක්‍රියාකාරී සැලැස්මට අනුව කාර්තුමය වශයෙන් ප්‍රගති සමාලෝචනය, විශ්ලේෂණය සහ ඉදිරි කටයුතු සැලසුම් කිරීම
  • සංඛ්‍යා ලේඛන වාර්තාවට දත්ත රැස් කිරීම, විශ්ලේෂණ කිරීම සහ වාර්තාව පිළියෙල කිරීම
  • කාර්ය්‍ය සාධන වාර්තාවට අවශ්‍ය දත්ත රැස් කිරීම, විශ්ලේෂණ කිරීම සහ වාර්තාව පිළියෙල කිරීම

සංඛ්‍යා ලේඛණ වාර්තාව

ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සමුපකාර සමිති හා සංගම් වල සාමාජිකත්වය, කළමනාකරණය, සේවා නියුක්තිය, කාර්යසාධනය, වත්කම් වගකීම් වැනි තොරතුරු ඇතුලත් කර වාර්ෂිකව මෙම වාර්තාව නිකුත් කරයි. එමගින්,

  • සමුපකාර ව්‍යාපාරය තුල තීරණ ගැනීමට.
  • ජාතික මට්ටමේ සංවර්ධන කටයුතු වලදී තීරණ ගැනීමට.
  • උසස් අධ්‍යාපන අවශ්‍යතාවයන්ට
  • ආර්ථික පරිසරයේ ඇතිවන විචල්‍යතාවයන් අවබෝධ කර ගැනීමට
  • ජාතික ප්‍රතිපත්ති සම්පාදනයට අවශ්‍ය ‍තොරතුරු සපයයි

කාර්ය සාධන වාර්තාව 

දෙපාර්තමේන්තුවේ කාර්යභාරය, භෞතික හා මානව සම්පත් උපයෝජනය, සැලසුම් වලට අනුව ආංශික ප්‍රගතිය, මුදුන් මට්ටමේ සමුපකාර සංගම් හා දීප ව්‍යාප්ත සමුපකාර සමිති සම්බන්ධ තොරතුරු ඇතුලත් කර වාර්ෂිකව නිකුත් කරන වාර්තාවයි.

 

වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම 

රාජ්‍ය මූල්‍ය චක්‍රලේඛ 01/2014 අනුව දෙපාර්තමේන්තුවේ සංවිධාන ව්‍යූහය, කාර්යමණ්ඩලය, වාර්ෂික ක්‍රියාකාරීත්වය, මුදල් අවශ්‍යතා සැලැස්ම, ප්‍රසම්පාදන සැලැස්ම ඇතුලත්කර සෑම වර්ෂයකම පිළියෙල කරනු ලබයි.

ශ්‍රී ලංකා මහ බැංකුව, ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව වැනි ආයතන මගින් නිකුත් කරන ප්‍රකාශන සඳහා සමුපකාර ව්‍යාපාරය සම්බන්ධ තොරතුරු සැපයීම සහ අනෙකුත් රාජ්‍ය සමුපකාර සහ වෙනත් ආයතන සඳහා දත්ත සැපයීම සහ සම්බන්ධීකරණය. 

වැඩි විස්තර සඳහා:

ජී.ජී. දයාසුමන මයා
සහකාර කොමසාරිස් (සංවර්ධන)
දුරකථන : +94 11 2436852
ෆැක්ස් : +94 11 2436852

නැවුම් පුවත් හා සිදුවීම්

  • 1
  • 2
  • 3
සමුපකාර සංවර්ධන නිලධාරී III ශ්‍රේණියේ සම්මුඛ පරීක්ෂණය සඳහා සුදුසුකම්ලත් අයදුම්කරුවන්ගේ නාම ලේඛණය 2017.05.21 දින විභාග දෙපාර්තමේන්තුව මඟින් පැවැත්වූ සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමුපකාර... තවදුරටත්
“COOP Sri Lanka Road Map 2020” ජනපතිට පිළිගැන්වේ   ශ්‍රී ලංකා සමුපකාර ව්‍යාපාරය නව මාවතකට යොමු කිරීමේ අරමුණින් කර්මාන්ත හා වාණිජ කටයුතු... තවදුරටත්
සමුපකාරය පොදු ජනතාවගේ ජාතික ව්‍යාපාරයක්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන   මිත්‍රශීලීභාවය, එකමුතු බව, සමානාත්මතාව, සහමූහිකත්වය සමාජවාදි දේශපාලන සිද්ධාන්ත වලට බොහෝ... තවදුරටත්
සමුපකාරකයින් සඳහා සමුපකාර ගම්මානයක් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මකවන මොරගහකන්ද සහ කළුගඟ... තවදුරටත්
සමුපකාර සමිති ගණුදෙනුකරුවන් වෙත කෙරෙන විශේෂ දැනුම්දීමයි සමුපකාර සමිති ගණුදෙනුකරුවන් වෙත කෙරෙන විශේෂ දැනුම්දීමයි   කර්මාන්ත සහ වාණිජ කටයුතු... තවදුරටත්

ආශ්‍රිත සබැඳි

 ජාතික

 අන්තර්ජාතික

 සමුපකාර සමිති