TamilSriLankaEnglish (UK)

“COOP Sri Lanka Road Map 2020” ජනපතිට පිළිගැන්වේ

 

ශ්‍රී ලංකා සමුපකාර ව්‍යාපාරය නව මාවතකට යොමු කිරීමේ අරමුණින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ අදහස් පෙර දැරිව සකස් කරන ලද “Coop Sri Lanka Road Map 2020” ජූලි 01 වැනි දින ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පිළගැන්වීය.

සමුපකාර ක්ෂේත්‍රයේ දියුණුවට නව මං පෙත් විවර කරමින් සමුපකර ක්ෂේත්‍රය තුල මෙතෙක් ක්‍රියාත්මක වී නොමැති විවිධ අංශයන් ඔස්සේ මේ නව සංවර්ධන වැඩපිළිවෙල ක්‍රියාවට නංවා ඇත. සමුපකාර ව්‍යාපාරයට අදාල නීතිමය රාමුව යාවත්කාලීන කර නව තොරතුරු තාක්ෂණ පද්ධතියක් හරහා සමුපකාර ව්‍යාපාරය ඒකාබද්ධ කිරීම මේ මාර්ග දැක්ම හරහා සිදු කිරීමට නියමිතය.

එසේම සමුපකාරිකයන්ගේ ජීවන තත්ත්වය නංවාලීම, විරැකියාව දුරු කිරීම හා දුගී භාවය තුරන් කිරීමේ අරමුණින් නව ව්‍යාපාරික අංශ කෙරේ මේ මාර්ග දැක්ම තුළින් අවධානය යොමු කර ඇත. සංචාරක නවාතැන් ගම්මාන, මගී ප්‍රවාහන බස් රථ හා සේවා සැපයුම් මධ්‍යස්ථාන, අතිරික්ත කෘෂි නිෂ්පාදන විවිධාංගීකරණය කර වෙළඳපොළට සැපයීම හා සමුපකාර තේ හල් ඇරඹීමට සැලසුම් කර සිටී. තවද ප්‍රජාව පිළිබඳ සැලකිලිමත් වීම සමුපකාර ප්‍රතිපත්තිය කෙරෙහි අවධානය යොමු කරමින්, පාරිසරික ආරක්ෂණ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම, කුණු කසළ කළමනාකරණය සඳහා ව්‍යාපෘතියක් සකස් කිරීම මෙන්ම සාමය හා සහජීවනය ඇති කිරීම සඳහා වූ යෝජනාවලියක් ඉදිරිපත් කිරීම ගම් තුළින් සිදු කිරීමට අපේක්ෂිතය.

Coop Sri Lanka Road Map 2020 මාර්ග දැක්ම පිළියෙල කරන ලද්දේ සමුපකාර ව්‍යාපාරයේ නියුතු සමුපකාර සභිකයන්, කාර්ය මණ්ඩලයේ නියුතු පිරිසක් සහ රාජ්‍ය අංශයේ නියෝජිතයන්ගෙන් සමන්විත කණ්ඩායමක් විසිනි.

මෙම 2020 මාර්ග දැක්ම පිළියෙල කිරීමේ කටයුතු සංවිධානය, මෙහෙය වීම සිදු කරනු ලබන්නේ සමුපකාර සංවර්ධන කොමසාරිස් සහ සමුපකාර සමිති රෙජිස්ට්‍රාර් එස්.එල්. නසීර් මහතා විසිනි.

 

 

 

නැවුම් පුවත් හා සිදුවීම්

  • 1
  • 2
  • 3
තොරතුරු තාක්ෂණ ඒකකයේ තනතුරු පුරප්පාඩු සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ ඒකකයේ පහත සදහන් තනතුරුවල... තවදුරටත්
සමුපකාර පළාත් අමාත්‍ය සමුළුව 2017.09.27 දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී සමුපකාර පළාත් අමාත්‍ය සමුළුව 2017.09.27 දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ... තවදුරටත්
“COOP Sri Lanka Road Map 2020” ජනපතිට පිළිගැන්වේ   ශ්‍රී ලංකා සමුපකාර ව්‍යාපාරය නව මාවතකට යොමු කිරීමේ අරමුණින් කර්මාන්ත හා වාණිජ කටයුතු... තවදුරටත්
සමුපකාරය පොදු ජනතාවගේ ජාතික ව්‍යාපාරයක්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන   මිත්‍රශීලීභාවය, එකමුතු බව, සමානාත්මතාව, සහමූහිකත්වය සමාජවාදි දේශපාලන සිද්ධාන්ත වලට බොහෝ... තවදුරටත්
සමුපකාර සමිති ගණුදෙනුකරුවන් වෙත කෙරෙන විශේෂ දැනුම්දීමයි සමුපකාර සමිති ගණුදෙනුකරුවන් වෙත කෙරෙන විශේෂ දැනුම්දීමයි   කර්මාන්ත සහ වාණිජ කටයුතු... තවදුරටත්

ආශ්‍රිත සබැඳි

 ජාතික

 අන්තර්ජාතික

 සමුපකාර සමිති