TamilSriLankaEnglish (UK)

සමුපකාරය පොදු ජනතාවගේ ජාතික ව්‍යාපාරයක්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

 

මිත්‍රශීලීභාවය, එකමුතු බව, සමානාත්මතාව, සහමූහිකත්වය සමාජවාදි දේශපාලන සිද්ධාන්ත වලට බොහෝ සමීපයෙන් සිටින ව්‍යාපාරයක් ලෙස සමුපකාර ව්‍යාපාරය ලෝකය පුරා උගතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ විවිධ ක්ෂේත්‍රවල ගෞරවයට සහ පිළිගැනීමට ලක් වූ පුළුල් මානව වාදී ව්‍යාපාරයක් යයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසූවේ 95 වැනි ජාත්‍යන්තර සමූපකාර දින සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.

රට තුළ සිදුවන සෑම ව්‍යසනයකදීම පොදුජනතාව වෙනුවෙන් නැගීසිටින්නේ සමුපකාර ව්‍යාපාරය බව ජනතාව අතර පිළිගැනීමක් හා විශ්වාසයක් පවතී. එනිසාම සමුපකාර ව්‍යාපාරය දියුණු කිරීම සඳහා අවශ්‍ය සෑම පියවරක්ම හිටපු සමුපකාර සේවකයකු ලෙස, ගන්නා බවද ජනාධිපති වරයා පැවසීය.

පුළුල් ශක්තිමත් සමුපකාර ව්‍යාපාරයක් ගොඩනගා ඒ තුළ රටේ පොදු ජනතාවට වඩාත් උසස් සේවාවක් ලබා දීමට රජය සෑම තින්දුවක් තීරණයක්ම ගන්නා බවද ප්‍රකාශ කළේය.

දෙපාර්තමේන්තුවේ ඉදිරි සැලැස්ම (Coop Sri Lanka Road Map 2020) ජනපති තුමාට පිළිගැන්වීම මෙහිදී සිදුවිය. ජාතික මට්ටමින් හා පළාත් මට්ටමින් තෝරා ගනු ලැබූ කෝප් කුමරා, කෝප් කුමරිය හා කෝප් ස්ටාර් ට ත්‍යාග ලබා දීමද සිදුවිය. වයඹ පළාත් සමුපකාර සේවක අරමුදල සඳහා රුපියල් මිලියන සියයක් පරිත්‍යාග කිරීම, සමුපකාර කාර්යය සාධන තරඟාවලියේ විශෂ්ඨතා දැක් වූ සමුපකාර වලට සම්මාන පිරිනැමීමද සිදුවිය. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් චින්තක එස් ලොකුහෙට්ටි, සමුපකාර සංවර්ධන කොමසාරිස් (රේඛීය) එස්.එල්. නසීර්, වයඹ පළාත් සමුපකාර කොමසාරිස් එම්.ඒ.බී.සී. ආලෝක බණ්ඩාර, ජාතික සමුපකාර මණ්ඩලයේ සභාපති ලලිත් ඒ. පීරිස්, වයඹ පළාත් සමුපකාර විෂය බාර අමාත්‍ය ගුණදාස දෙහිගම යන මහත්වරු ද මේ අවස්ථාවේ දී අදහස් දැක්වූහ.

කර්මාන්ත හා වාණිජ කටයුතු රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස මහතා ඇතුළු මැති ඇමතිවරු, රාජ්‍ය නිලධාරින් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූ අතර 15,000 කට ආසන්න දිවයිනේ විසිරී සිටින සමුපකාරිකයන් 95 වැනි ජාත්‍යන්තර සමුපකාර දිනය වර්ණවත් කළහ.

 

 

 

නැවුම් පුවත් හා සිදුවීම්

  • 1
  • 2
  • 3
තොරතුරු තාක්ෂණ ඒකකයේ තනතුරු පුරප්පාඩු සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ ඒකකයේ පහත සදහන් තනතුරුවල... තවදුරටත්
සමුපකාර පළාත් අමාත්‍ය සමුළුව 2017.09.27 දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී සමුපකාර පළාත් අමාත්‍ය සමුළුව 2017.09.27 දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ... තවදුරටත්
“COOP Sri Lanka Road Map 2020” ජනපතිට පිළිගැන්වේ   ශ්‍රී ලංකා සමුපකාර ව්‍යාපාරය නව මාවතකට යොමු කිරීමේ අරමුණින් කර්මාන්ත හා වාණිජ කටයුතු... තවදුරටත්
සමුපකාරය පොදු ජනතාවගේ ජාතික ව්‍යාපාරයක්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන   මිත්‍රශීලීභාවය, එකමුතු බව, සමානාත්මතාව, සහමූහිකත්වය සමාජවාදි දේශපාලන සිද්ධාන්ත වලට බොහෝ... තවදුරටත්
සමුපකාර සමිති ගණුදෙනුකරුවන් වෙත කෙරෙන විශේෂ දැනුම්දීමයි සමුපකාර සමිති ගණුදෙනුකරුවන් වෙත කෙරෙන විශේෂ දැනුම්දීමයි   කර්මාන්ත සහ වාණිජ කටයුතු... තවදුරටත්

ආශ්‍රිත සබැඳි

 ජාතික

 අන්තර්ජාතික

 සමුපකාර සමිති