TamilSriLankaEnglish (UK)

සමුපකාරකයින් සඳහා සමුපකාර ගම්මානයක්

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මකවන මොරගහකන්ද සහ කළුගඟ ව්‍යාපෘතියේ එක් පියවරක්වන පොළොන්නරුව මැදිරිගිරිය බිසෝපුර ගොවි ජනපදය ඉදිකිරීම මේවන විට ක්‍රියාත්මක වෙමින් පවතී.

එම ව්‍යාපෘතියට සමගාමීව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය ගරු. රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ යෝජනාවක් සහ සමුපකාර සංවර්ධන කොමසාරිස් සහ සමුපකාර සමිති රෙජිස්ට්‍රාර් ඩී. ජීවනාදන් මහතාගේ මඟපෙන්වීම යටතේ, එම ගොවි ජනපදය තුළ සමුපකාරිකයින් වෙනුවෙන් නිවාස 100ක් සහ සමුපකාර මන්දිරයක් සහිත සමුපකාර ගම්මානයක් ඉදිකිරීම සඳහා මේවන විට රේඛීය සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් කටයුතු ආරම්භ කර ඇත.

ඒ අනුව පසුගිය දෙසැම්බර් 28වන දින මැදිරිගිරිය බිසෝපුර ගොවි ජනපදයේ දී එම ව්‍යාපෘතියභාර ව්‍යාපෘති කළමනාකරු සහ මහවැලි සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසක් සමඟ මූලික සාකච්ඡාවක් සහ ක්ෂේත්‍ර අධ්‍යයනයක් සමුපකාර සංවර්ධන සහකාර කොමසාරිස් (ව්‍යාපෘති) කේ.එම්. මුදිත චමින්ද මහතා, සමුපකාර සංවර්ධන නිලධාරීන්වන නුවන් විජේසිංහ, ජී.ආර්.ආර්. පතිරගේ යන නිළධාරීගේ සහභාගිත්වයෙන් පවත්වන ලදී.

මෙම සාකච්ඡාවේ දී එක් නිවසක් සඳහා ප.20ක ඉඩමක්, එම ඉඩම සඳහා ජලය, විදුලිය යන පහසුකම් සහ මාර්ග පද්ධතිය සංවර්ධනය කර ලබා දීමට ව්‍යාපෘති කළමනාකරු එකඟ විය. එමෙන්ම මෙම නිවාස ඉදිකිරීම් සමුපකාර සමිතිවල සහභාගිත්වයෙන් සිදු කර සැප්තැම්බර් මාසයවන විට අවසන් කර ලබාදීමට යෝජනා වී ඇත.

යෝජනා වී ඇති නිවාසයක සැළැස්ම

 

ඡායාරූප

නැවුම් පුවත් හා සිදුවීම්

  • 1
  • 2
  • 3
සමුපකාර සංවර්ධන නිලධාරී III ශ්‍රේණියේ සම්මුඛ පරීක්ෂණය සඳහා සුදුසුකම්ලත් අයදුම්කරුවන්ගේ නාම ලේඛණය 2017.05.21 දින විභාග දෙපාර්තමේන්තුව මඟින් පැවැත්වූ සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමුපකාර... තවදුරටත්
“COOP Sri Lanka Road Map 2020” ජනපතිට පිළිගැන්වේ   ශ්‍රී ලංකා සමුපකාර ව්‍යාපාරය නව මාවතකට යොමු කිරීමේ අරමුණින් කර්මාන්ත හා වාණිජ කටයුතු... තවදුරටත්
සමුපකාරය පොදු ජනතාවගේ ජාතික ව්‍යාපාරයක්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන   මිත්‍රශීලීභාවය, එකමුතු බව, සමානාත්මතාව, සහමූහිකත්වය සමාජවාදි දේශපාලන සිද්ධාන්ත වලට බොහෝ... තවදුරටත්
සමුපකාරකයින් සඳහා සමුපකාර ගම්මානයක් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මකවන මොරගහකන්ද සහ කළුගඟ... තවදුරටත්
සමුපකාර සමිති ගණුදෙනුකරුවන් වෙත කෙරෙන විශේෂ දැනුම්දීමයි සමුපකාර සමිති ගණුදෙනුකරුවන් වෙත කෙරෙන විශේෂ දැනුම්දීමයි   කර්මාන්ත සහ වාණිජ කටයුතු... තවදුරටත්

ආශ්‍රිත සබැඳි

 ජාතික

 අන්තර්ජාතික

 සමුපකාර සමිති