TamilSriLankaEnglish (UK)

සමුපකාර සමිති ගණුදෙනුකරුවන් වෙත කෙරෙන විශේෂ දැනුම්දීමයි

සමුපකාර සමිති ගණුදෙනුකරුවන් වෙත කෙරෙන විශේෂ දැනුම්දීමයි

 

කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍යාංශය

සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව

 

සමුපකාර ග්‍රාමීය බැංකු සහ අනෙකුත් මුල්‍ය සේවා සමුපකාර සමිති නියාමනය කිරීමේ ජාතික කමිටුවේ විශේෂ දැනුම් දීමයි

 

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 2013 ජුලි මස 18 දිනැති කැබිනට් මණ්ඩල තීරණය පරිදි, ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදෙස් සහ මඟ පෙන්වීම යටතේ මධ්‍යම රජයේ සමුපකාර සංවර්ධන කොමසාරිස් / රෙජිස්ට්‍රාර් සහ සියළුම පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස් / රෙජිස්ට්‍රාර්වරුන්ගේ මෙයෙවීමෙන් 2013 වර්ෂයේ සිට සමුපකාර විෂයභාර මධ්‍යම රජයේ අමාත්‍යාංශය විසින් පිහිටුවා ඇති සමුපකාර ග්‍රාමීය බැංකු සහ අනෙකුත් මුල්‍ය සේවා සමුපකාර සමිති නියාමන ජාතික කමිටුව  ස්ථාපිත කර ඇත.

එසේ ස්ථාපිත කර ඇති ජාතික සමුපකාර බැංකු නියාමන ඒකකය හා පළාත්  සමුපකාර බැංකු නියාමන ඒකකයන් මඟින් 1972 අංක 05 දරණ සමුපකාර සමිති පනත හා එක් එක් පළාත් සභා විසින් සම්මත කර ඇති පළාත් සමුපකාර ප්‍රඥප්ති යටතේ ලියාපදිංචි වී මුල්‍ය කටයුතු වල නියැලෙන සමුපකාර සමිති නියාමනය කරනු ලැබේ.

ඒ අනුව ජාතික සමුපකාර බැංකු නියාමන කමිටුවේ තීරණයන් මත පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස්වරුන් විසින් නිකුත් කරනු ලබන චක්‍රලේඛ, නියෝග,උපදෙස් සහ මඟපෙන්වීම් මුල්‍ය සේවා වල නිරත සියළුම සමුපකාර සමිති විසින් අනිවාර්යයෙන්ම අනුගමනය කිරීමට බැඳී සිටින බව මෙයින් අවධාරණය කරමු.

විශේෂයෙන්ම සමුපකාර සමිති මඟින් ඒකරාශී කරනු ලබන සියළුම තැන්පත් වෙනුවෙන් ගෙවනු ලබන පොළී ප්‍රතිශතයන් තීරණය කිරීම පිලිබඳව චක්‍ර‍ලේඛ හා උපදෙස් පත්‍රිකා මඟින් සියළුම සමුපකාර සමිති දැනුවත් කර ඇති බැවින් මුල්‍ය කටයුතුවල නියැලී සිටින සමුපකාර බැංකු හා මුල්‍ය ආයතන වල මුදල් තැන්පත් කිරීමට පෙර රටේ පවතින සාමාන්‍ය පොළී ප්‍රතිශතයන් වලට වඩා වැඩි පොළී ප්‍රතිශතයන් ලබා දෙන්නේ නම් ඒ පිළිබඳව තැන්පත්කරුවන් විමසිලිමත් විය යුතුය.

සමුපකාර ග්‍රාමීය බැංකු සහ වෙනත් මුල්‍ය සේවා සමුපකාර සමිති වල  මුදල් තැන්පත් කිරීමේ දී විශේෂයෙන්  ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී බැංකු වලට හා අනුමත මුල්‍ය සමාගම් වලට  නියම කරනු ලබන පොළී ප්‍රතිශතයන් පිළිබඳව  තැන්පත්කරුවන් දැනුවත් වී ක්‍රියාකරන ලෙස වැඩිදුරටත් කාරුණිකව දැනුම් දෙමු.                          

ජාතික සමුපකාර බැංකු නියාමන කමිටුව

සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව

නො.330,යුනියන් පෙදෙස,කොළඹ 02

 

දු.අ. - 0112330706

ෆැක්ස් - 0112330706

ඊ මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

නැවුම් පුවත් හා සිදුවීම්

  • 1
  • 2
  • 3
තොරතුරු තාක්ෂණ ඒකකයේ තනතුරු පුරප්පාඩු සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ ඒකකයේ පහත සදහන් තනතුරුවල... තවදුරටත්
සමුපකාර පළාත් අමාත්‍ය සමුළුව 2017.09.27 දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී සමුපකාර පළාත් අමාත්‍ය සමුළුව 2017.09.27 දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ... තවදුරටත්
“COOP Sri Lanka Road Map 2020” ජනපතිට පිළිගැන්වේ   ශ්‍රී ලංකා සමුපකාර ව්‍යාපාරය නව මාවතකට යොමු කිරීමේ අරමුණින් කර්මාන්ත හා වාණිජ කටයුතු... තවදුරටත්
සමුපකාරය පොදු ජනතාවගේ ජාතික ව්‍යාපාරයක්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන   මිත්‍රශීලීභාවය, එකමුතු බව, සමානාත්මතාව, සහමූහිකත්වය සමාජවාදි දේශපාලන සිද්ධාන්ත වලට බොහෝ... තවදුරටත්
සමුපකාර සමිති ගණුදෙනුකරුවන් වෙත කෙරෙන විශේෂ දැනුම්දීමයි සමුපකාර සමිති ගණුදෙනුකරුවන් වෙත කෙරෙන විශේෂ දැනුම්දීමයි   කර්මාන්ත සහ වාණිජ කටයුතු... තවදුරටත්

ආශ්‍රිත සබැඳි

 ජාතික

 අන්තර්ජාතික

 සමුපකාර සමිති