TamilSriLankaEnglish (UK)

අප ආ ගමන් මඟ

  • බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ ආධිපත්‍යයට යටත්ව තිබූ කාල වකවානුව තුළ ග්‍රාමීය ගොවි ජනතාවගේ ආර්ථික අවශ්‍යතා සපුරාලීම සඳහා 1906 වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ ණය දෙන සමුපකාර සමිති ක්‍රමය ආරම්භ විය.
  • සංඛ්‍යාත්මකව සමුපකාර සමිති සංඛ්‍යාව වර්ධනය වූ බැවින් ඒ සඳහා මග පෙන්වීම් ලබා දීමට හා අධීක්ෂණය සඳහා බලපෑම් කළ හැකිවන සේ 1911 අංක 7 දරන සමුපකාර සමිති ආඥා පනත පනවන ලදි. ශ්‍රී ලංකාවේ සමුපකාර ව්‍යාපාරය සඳහා රජය මැදිහත් වීම මෙම වර්ෂයේදීම ආරම්භ විය.
  • මෙරට බිහි වූ ප්‍රථම සමුපකාර සමිතිය ලෙස  දුම්බර මිටියාවතේ සමුපකාර ණය දෙන සමිතිය මූලාශ්‍ර ගතව ඇත.
  • රාජ්‍ය මැදිහත් වීමත් සමග "සමුපකාර සමිති රෙජිස්ට්‍රාර්" නම් තනතුර ඇති විය. 1911 - 1930 දක්වා මෙම තනතුර සඳහා පත් කරන ලද්දේ එවකට සිටි කෘෂිකර්ම අධ්‍යක්ෂවරයාය.
  • 1930 ඔක්තෝම්බර් 01 වන දින සමුපකාර දෙපාර්තමේන්තුව වෙනම දෙපාර්තමේන්තුවක් වශයෙන් ස්ථාපනය විය.
  • ඩබ්ලිව්.කේ.එම් කැම්බල් මහතා පළමුවන සමුපකාර රෙජිස්ට්‍රාර්වරයා බවට පත්විය.
  • වර්ෂ 1945 දී සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව ලෙස නම් කරනු ලැබීය. එහිදී සමුපකාර සංවර්ධන කොමසාරිස්වරයා ලෙස ගුණසේන ද සොයිසා මහතා පත්විය.
  • 1957 වර්ෂයේදී රටපුරා නොයෙක් අරමුණු සඳහා පිහිටුවා තිබූ සමුපකාර සමිති සහ සමුපකාර කඩ සමිති ඒකාබද්ධ කර විවිධ සේවා සමුපකාර සමිති ආරම්භ කරන ලදි.
  • ආර්ථික හා ව්‍යාපාරික රටාවට ගැලපෙන සේ 1971 වසරේදී සමුපකාර සමිති ප්‍රති සංවිධානය කරන ලදි. මේ අනුව සමිති බල ප්‍රදේශය ව්‍යාප්ත කිරීමත්, ශක්තිමත් ආර්ථික ඒකකයක් ලෙස ස්ථාපනය කිරීමත් සිදුවිය.
  • 1989 වර්ෂයේදී 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සමග සමුපකාර විෂය පළාත්බද විෂයක් බවට පත් විය.
  • මෙසේ විමධ්‍යගත වීමත් සමග මධ්‍යම රජයේ සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්ය භාරය වූයේ පළාත් දෙපාර්තමේන්තු හා මධ්‍යම රජයේ කටයුතු සම්බන්ධීකරණය  කිරීමයි.
  • මීට අමතරව රේඛීය දෙපාර්තමේන්තුව වෙත මුදුන් මට්ටමේ සමුපකාර සමිති/සංගම්වල සම්පූර්ණ අධීක්ෂණ කාර්යභාරය ද පැවරිණි.
  • ජාතික මට්ටමේ අමාත්‍යංශ, සමුපකාර ආයතන මූල්‍ය කිරීම, පාර්ලිමේන්තු උපදේශක කාරක සභා සහ මහජන පෙත්සම් කාරක සභාව සඳහා ආදී පළාත් සම්බන්ධීකරණ සේවාවන් ලබා දීමත් රේඛීය දෙපාර්තමේන්තුව හරහා සිදු කරනු ලබයි
  • සමුපකාර විෂයට සම්බන්ධව ජාතික මට්ටමේ සංවර්ධන කාර්යන් සඳහා ප්‍රතිපත්ති සම්පාදනය සඳහා සහය වීම, ජාතික සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමත් සමුපකාර ව්‍යාපාරය සම්බන්ධව සංඛ්‍යා ලේඛණ වාර්තාව ප්‍රකාශයට පත්කිරීමත් රේඛීය දෙපාර්තමේන්තුව මඟින් ඉටු කරන තවත් සංවර්ධන කාර්යන් වේ.

නැවුම් පුවත් හා සිදුවීම්

  • 1
  • 2
  • 3
තොරතුරු තාක්ෂණ ඒකකයේ තනතුරු පුරප්පාඩු සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ ඒකකයේ පහත සදහන් තනතුරුවල... තවදුරටත්
සමුපකාර පළාත් අමාත්‍ය සමුළුව 2017.09.27 දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී සමුපකාර පළාත් අමාත්‍ය සමුළුව 2017.09.27 දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ... තවදුරටත්
නවක සමුපකාර සංවර්ධන නිලධාරීන් ලෙස පත්වීම් ලබා ගන්නා නිලධාරීන්ගේ නාම ලේඛණය 2017.11.07 දින පැවැත්වෙන සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමුපකාර සංවර්ධන නිලධාරි III... තවදුරටත්
“COOP Sri Lanka Road Map 2020” ජනපතිට පිළිගැන්වේ   ශ්‍රී ලංකා සමුපකාර ව්‍යාපාරය නව මාවතකට යොමු කිරීමේ අරමුණින් කර්මාන්ත හා වාණිජ කටයුතු... තවදුරටත්
සමුපකාරය පොදු ජනතාවගේ ජාතික ව්‍යාපාරයක්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන   මිත්‍රශීලීභාවය, එකමුතු බව, සමානාත්මතාව, සහමූහිකත්වය සමාජවාදි දේශපාලන සිද්ධාන්ත වලට බොහෝ... තවදුරටත්
සමුපකාර සමිති ගණුදෙනුකරුවන් වෙත කෙරෙන විශේෂ දැනුම්දීමයි සමුපකාර සමිති ගණුදෙනුකරුවන් වෙත කෙරෙන විශේෂ දැනුම්දීමයි   කර්මාන්ත සහ වාණිජ කටයුතු... තවදුරටත්

ආශ්‍රිත සබැඳි

 ජාතික

 අන්තර්ජාතික

 සමුපකාර සමිති