TamilSriLankaEnglish (UK)

විගණනය

සමුපකාර සමිතියක යහපාලනය හා මූල්‍ය කළමනාකරණය ශක්තිමත්ව පවත්වාගෙන යන්නේද, අවදානම් කළමනාකරණය නිසිලෙස ක්‍රියාත්මක වන්නේද, යන්න පිළිබඳවත් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලවත්, සමූපකාර නීතියේ සඳහන් නියමයන්ට අනුකූලවත්, අවසාන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බවට වාර්තා කිරීමත්, මූල්‍ය ප්‍රකාශ මගින් සත්‍ය හා සාධාරණ ඉදිරිපත් කිරීමක් කර ඇත්දැයි යන්න පිළිබඳ ස්වාධීනවූ මතයක් ප්‍රකාශ කිරීමට අදාලව අවශ්‍ය සොයාබැලීම් නිගමන නිරීක්ෂණ හා නිර්දේශ ලබාදීම අපගේ කාර්යභාරයයි.

අපගේ නීතිමය බලය

1972 අංක 5 දරණ සමුපකාර පනතේ 44 වන වගන්තිය අනුව සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කරන ලද සමුපකාර සමිති විගණනය කිරීම සඳහා සමුපකාර සංවර්ධන කොමසාරිස් හා සමුපකාර සමිති රෙජිස්ට්‍රාර් හෝ ඔහු විසින් බලය පවරන ලද වෙනත් නිලධාරියකුට බලය ලබා දී ඇත.

ප්‍රතිලාභීන්

  • සමිති සාමාජිකයින්
  • සමිතියේ කළමනාකරණ මණ්ඩලය
  • සමිති කාර්ය මණ්ඩලය
  • රජය සහ රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදකයින්
  • ණය හිමියන්
  • අනාගත සමුපකාරිකයින් ඇතුළු උනන්දුව දක්වන්නන්

විගණන ක්‍රියාවලිය තුළින් සමුපකාර සමිතියකට අත්වන ප්‍රතිඵල/ වාසි

  • නිශ්චිත දිනයකට ආයතනයේ වත්කම් වගකීම් තත්ත්වය හඳුනාගත හැකි වීම
  • මෙහෙයුම් ප්‍රතිඵල හඳුනාගත හැකිවීම
  • ගිණුම්වල සත්‍ය හා සාධාරණ බව පිළිබඳ මතයක් ලබාගත හැකිවීම
  • ලාභදායී සමිතියක සාමාජිකයින්ට ලාභාංශ ලබා ගත හැකි වීම
  • මුදල් ගලා ඒම හා ගලායාම පිළිබඳ අදහසක් ලබාගත හැකිවීම
  • ව්‍යාපාරික තීරණ ගැනීමට හැකි වීම
  • අඛණ්ඩ පැවැත්ම පිළිබඳ මතයක් ලබාගත හැකිවීම
  • අක්‍රමිකතාවයන් පවතී නම් අනාවරණය කරගත හැකිවීම.

වැඩි විස්තර සඳහා:

පී.ඒ. සරත් ආනන්ද මයා මයා
සහකාර  කොමසාරිස් (විගණන/බැංකු/අරමුදල්)
දු.ක : +94 11 2436862

ෆැක්ස්: +94 11 2330706

නැවුම් පුවත් හා සිදුවීම්

සමුපකාරකයින් සඳහා සමුපකාර ගම්මානයක් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මකවන මොරගහකන්ද සහ කළුගඟ... තවදුරටත්
සමුපකාර සමිති ගණුදෙනුකරුවන් වෙත කෙරෙන විශේෂ දැනුම්දීමයි සමුපකාර සමිති ගණුදෙනුකරුවන් වෙත කෙරෙන විශේෂ දැනුම්දීමයි   කර්මාන්ත සහ වාණිජ කටයුතු... තවදුරටත්

ආශ්‍රිත සබැඳි

 ජාතික

 අන්තර්ජාතික

 සමුපකාර සමිති