TamilSriLankaEnglish (UK)

ව්‍යාපෘති හා සැළසුම් අංශය

සමුපකාර දෙපාර්තමේන්තුව මූලිකත්වයෙන් ආරම්භ කරන ව්‍යාපෘති සහ සමුපකාර සමිතිවල මෙහෙවර හා අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා දියත් කරන ව්‍යාපෘති සහ වැඩසටහන් සඳහා අවශ්‍ය මගපෙන්වීම මෙහිදී සිදුකෙරේ.

 ඒ සඳහා 

  • මගපෙන්වීම හා සම්බන්ධීකරණය
  • ව්‍යපෘති වාර්තා සකස් කිරීම
  • කාලීන ව්‍යාපෘති හදුන්වාදීම හා ක්‍රියාත්මක කිරීම සඳහා සහය දැක්වීම.
  • ජාතික සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  • අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ කටයුතු සැලසුම් කිරීම හා සංවිධානය කිරීම.
  • හදිසි අවස්ථාවන්වල දී අත්‍යවශ්‍ය සේවාවන් සැපයීම සඳහා අවශ්‍ය කටයුතු කිරීම.

 ව්‍යාපෘති අවශ්‍යතාවයන් හඳුනා ගන්නා ආකාරය 

ජාතික සංවර්ධනයට දායක වියහැකි සමුපකාර ක්ෂේත්‍රයට අදාල ව්‍යාපෘති, සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කරනු ලබන අතර රටේ සංවර්ධනයට දායකත්වයක් ලබාදිය හැකි, වත්මන් ආර්ථික පරිසරයට අදාලවන පරිදි, සමිතියේ මූල්‍යමය හැකියාවන්ට අනුකූලව, සමිතියේ සම්පත් වලින් උපරිම දායකත්වයක් ලබාගැනීමට හැකි හා පාරිභෝගික තෘප්තිය ඇති කරන නිෂ්පාදන හෝ සේවාවන් ලබා දීම සඳහා සැලසුම් කල හැකි ව්‍යාපෘතීන් මෙහිදී හදුනා ගැනීම සිදුවේ.

සමුපකාර සමිති/ සංගම් විසින් ව්‍යාපෘති සැලසුම් කිරීමේදී අවධානය යොමු කල යුතු කරුණු  

  • අවශ්‍යතාවය කුමක්ද යන්න පැහැදිලි කරගැනීම.
  • ව්‍යාපෘතිය සාමාජික හා පාරිසරික වශයෙන්, ආර්ථික, තාක්ෂණික, කළමනාකරණ හා මූල්‍ය හැකියාවන් අතින් සුදුසු බව පිළිබඳ ශක්‍යතා වාර්තාව සකස් කිරීම.
  • ව්‍යාපෘතිය සහ මූල්‍ය පුරෝකථනයන් සැලසුම් කිරීම.
  • ව්‍යාපෘති වාර්තාව විධිමත්ව සැකසීම. 

සම්පූර්ණ කරන ලද ව්‍යාපෘති ආකෘති පත්‍රය සමඟ ඉදිරිපත් කල යුතු ලිපි ලේඛන 

  • සමිතියේ ඉල්ලීම් ලිපිය. (පිටපත් 02)
  • අධ්‍යක්ෂ මණ්ඩල තීරණය සහ මහ සභා තීරණය වාර්තා. (සහතික කල පිටපත්)
  • යෝග්‍යතා වාර්තා හා ඇස්තමේන්තුව. (පිටපත් 02)
  • සමිතියේ සංවර්ධන සැලැස්මට අනුකූවේ ද යන්න.
  • මූල්‍ය වාර්තාව.
  • ලාභදායී විශ්ලේෂණය.
  • ව්‍යාපෘති වාර්තාව. 

සමුපකාර ආයතන වෙත ලබා දෙන වෙනත් සේවාවන් 

  • නවීන තාක්ෂණය භාවිතය සඳහා  උපදෙස් හා පහසුකම් ලබාදීම (පරිගණක භාවිතය ණයපත් මඟින් මුදල් ගෙවීම)
  • අත්දැකීම් හුවමාරුකර ගැනීම සදහා වැඩසටහන් සම්බන්ධීකරණය කිරීම.
  • බාහිර සම්බන්ධීකරණ කටයුතු

 

වැඩි විස්තර සඳහා:

ජී. ජී. දයාසුමන මයා
සහකාර කොමසාරිස් (සංවර්ධන)
දුරකථන අංකය :+94 11 2436852
ෆැක්ස් :+94 11 2436852

 

 

 

නැවුම් පුවත් හා සිදුවීම්

  • 1
  • 2
  • 3
තොරතුරු තාක්ෂණ ඒකකයේ තනතුරු පුරප්පාඩු සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ ඒකකයේ පහත සදහන් තනතුරුවල... තවදුරටත්
සමුපකාර පළාත් අමාත්‍ය සමුළුව 2017.09.27 දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී සමුපකාර පළාත් අමාත්‍ය සමුළුව 2017.09.27 දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ... තවදුරටත්
නවක සමුපකාර සංවර්ධන නිලධාරීන් ලෙස පත්වීම් ලබා ගන්නා නිලධාරීන්ගේ නාම ලේඛණය 2017.11.07 දින පැවැත්වෙන සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමුපකාර සංවර්ධන නිලධාරි III... තවදුරටත්
“COOP Sri Lanka Road Map 2020” ජනපතිට පිළිගැන්වේ   ශ්‍රී ලංකා සමුපකාර ව්‍යාපාරය නව මාවතකට යොමු කිරීමේ අරමුණින් කර්මාන්ත හා වාණිජ කටයුතු... තවදුරටත්
සමුපකාරය පොදු ජනතාවගේ ජාතික ව්‍යාපාරයක්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන   මිත්‍රශීලීභාවය, එකමුතු බව, සමානාත්මතාව, සහමූහිකත්වය සමාජවාදි දේශපාලන සිද්ධාන්ත වලට බොහෝ... තවදුරටත්
සමුපකාර සමිති ගණුදෙනුකරුවන් වෙත කෙරෙන විශේෂ දැනුම්දීමයි සමුපකාර සමිති ගණුදෙනුකරුවන් වෙත කෙරෙන විශේෂ දැනුම්දීමයි   කර්මාන්ත සහ වාණිජ කටයුතු... තවදුරටත්

ආශ්‍රිත සබැඳි

 ජාතික

 අන්තර්ජාතික

 සමුපකාර සමිති