TamilSriLankaEnglish (UK)

සමූපකාර සමිති/ සංගම් ප්‍රවර්ධනය

ජාතික සංවර්ධනයේ තෙවන බලවේගය ලෙස පිළිගත් සමුපකාර ව්‍යාපාරයේ ඉදිරි කටයුතු නවීන තාක්ෂණය හා නව ක්‍රමවේදයන් උපයෝගී කර ගනිමින් ඉහළට ඔසවා තැබීම සඳහා සහාය වීම, මග පෙන්වීම හා සම්බන්ධීකරණය කිරීම අපගේ කාර්යභාරයයි.

අපගේ විෂය පථය

  • සමුපකාර සමිති/ සංගම් වෙනුවෙන් රජයේ සම්බන්ධීකාරකයා ලෙස කටයුතු කිරීම
  • සමුපකාර සමිති/සංගම් ශක්තිමත් කිරීම හා යහපාලනය සඳහා මැදිහත් වීම
  • සමුපකාර ප්‍රතිපත්ති සහ සාරධර්ම වලට අනුව කටයුතු කිරීම සඳහා සහය වීම
  • බාහිර පුද්ගලයන් /ආයතන අතර සම්බන්ධීකරණය
  • සමිති/ සංගම්වල සංවර්ධන කටයුතු වලට සහය වීම

අරමුණු ඉටුකර ගැනීම සඳහා

සමිති ප්‍රවර්ධන අංශය ක්‍රියාත්මක වන්නේ සමුපකාර ව්‍යාපාරයේ අඛණ්ඩ පැවැත්ම හා නව සංවර්ධන අරමුණු ඉටු කරලීම සඳහාය. සමිති සංගම්වල අරමුණු සාක්ෂාත් කරගැනීමට, උපාය උපක්‍රම හදුන්වාදීමට දායකවීම හා සහායවීම සදහා සමුපකාර සමිති පනතට අනුකූලව සමිති මෙහෙයවීමේ කටයුතු සදහා දෙපාර්තමේන්තු නිළධාරීන් යොමු කිරීම

ඒ සඳහා ඉටුකරන කාර්යයන්

  • සමුපකාර සමිති/ සංගම් සංවිධානය සහ ලියාපදිංචිය සඳහා කටයුතු කිරීම.
  • සමිති/ සංගම්වල අතුරු ව්‍යවස්ථා ලියාපදිංචිය හා අතුරු ව්‍යවස්ථා සංශෝධනය කිරීම.
  • සමුපකාර සමිති/ සංගම් ඒකාබද්ධ හා විබද්ධ කිරීම
  • මිත්‍රයෙක් හා මග පෙන්වන්නෙක් ලෙස සමිති/සංගම් ක්‍රියාකාරීත්වයට සහය වීම.
  • සමිති/ සංගම් කළමනාකාරීත්වයට උපදෙස් ලබා දෙමින් ව්‍යාපාරික, කළමනාකරණ ක්‍රම, සමාජ සම්බන්ධතා යන අවශ්‍යතා සඳහා මාර්ගෝපදේශකත්වය ලබා දීම.
  • සාමාජිකයන් සහ මහජනයා වෙනුවෙන් අයිතීන් සුරක්ෂිත කිරීමට සහය වීම.
  • සමුපකාර නීතිය සහ අභ්‍යන්තර නීති රීති අනුව සමිති මෙහෙයවීමට අවශ්‍ය මඟපෙන්වීම
  • සමිති/සංගම්වල ගිණුම් යාවත්කාලීන කිරීමට අවශ්‍ය සානුබල සැපයීම
  • සමිති/සංගම්වල අඛණ්ඩ විගණන කටයුතු
  • සමුපකාර අධ්‍යාපනය, පුහුණුව සහ ප්‍රචාරණයට අදාල කටයුතු සංවිධානය සහ මෙහෙයවීම
  • පළාත් සහ අනෙකුත් ආයතන සම්බන්ධීකරණය
  • ලියාපදිංචි අවලංගු කිරීම

සමුපකාර සමිති/සංගම් ලියාපදිංචි කිරීම

හිමිවන වරප්‍රසාද

  • සමුපකාර සමිති/සංගම් වලට නෛතික පුද්ගලභාවයක් හිමිවීම.
  • සමුපකාර සමිතියක්/ සංගමයක් ‍ලෙස වරප්‍රසාද සහ අයිතිවාසිකම් භුක්ති විදීමේ අවස්ථාව හිමිවීම.
  • සංවිධානමය ශක්‍යතාවය ලැබීම.

සමුපකාර සමිති/සංගම් සංවිධානය කිරීම

සමුපකාර සමිතියක් ලියාපදිංචියට පෙර සංවිධානය විය යුතුය. එසේ ආරම්භ කරගත් සමුපකාර සංවිධානය යෝජිත සමිතියක්/සංගමයක්  ලෙස සමුපකාර සමිති රෙජිස්ට්‍රාර්වරයා ලියාපදිංචි කිරීම සඳහා සමිතියේ/ සංගමයේ කටයුතු ඵලදායීව හා කාර්යක්ෂමව පවත්වාගෙන ගොස් ඇති බවට තහවුරු කළ යුතුය.

ප්‍රාථමික සමිති සදහා

සෘජුවම පුද්ගලයන් සමූහයක් (අවම 10 ක්) තම අරමුණු ඉටුකර ගැනීමට සමුපකාර ප්‍රතිපත්ති මත එකතුවීම මඟින් සමුපකාර සමිතියක් ඇරඹීමට අවශ්‍ය මූලික සුදුසුකම් සපුරා ගෙන ලියාපදිංචි කිරීම සදහා ඉල්ලුම් කළ හැකිවේ.

  • මෙම ඉල්ලුම් පත්‍රයේ අවම වශයෙන් සාමාජිකයින් දස දෙනෙකුවත් අත්සන් තැබිය යුතුය.

ද්විතීක සමිති සදහා

සාමාජික අවශ්‍යතා අනුව ආරම්භ කරන ලද ප්‍රාථමික සමිති (අවම 3ක්) තම අරමුණු ඉටුකර ගැනීමට ද්විතීක සමිතියක් ලෙස ඒකරාශී වී සමුපකාර සමිතියක් පිහිටුවීම සදහා ඉල්ලුම් කළ හැකිය. සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති ආකෘති පත්‍රයට අනුකූලව ලියාපදිංචිය සඳහා ඉල්ලුම් කල යුතුය

ඉහත සමිතිවල ලියාපදිංචියට අවශ්‍ය කරුණු

  • සමුපකාර සමිතිය/ සංගමය විසින් සකස් කර සම්මත කර ගන්නා ලද යෝජිත අතුරු ව්‍යවස්ථාවේ පිටපත් 02 ක්.
  • යෝජිත අතුරු ව්‍යවස්ථාව පනත හා රීති වලට එකඟ බවට සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලය මගින් සහතිකයක් ලබා දීම.
  • ගණපූර්ණය සහිතව විධිමත්ව රැස්වූ මහසභා වාර්තාවේ පිටපත්.(තාවකාලික අධ්‍යක්ෂ මණ්ඩලය තම සමිතිය පිහිටුවීමටත් තමන් විසින් නිර්මාණය කරන ලද අතුරු ව්‍යවස්ථාව පිළිගැනීමටත් පත්කරන ලද නිලධාරී මණ්ඩලයක් බවත් මහසභා වාර්තාවේ සදහන් විය යුතුය.)
  • සමිතිය ශක්තිමත්ව පවත්වාගෙන යාමේ හැකියාව ඇති බවට සමිතියේ සාමාජිකයින් වෙනුවෙන් නිලධාරි මණ්ඩලය විසින් සහතික කරන ලද වාර්තාව.(මෙහි සමස්ත සාමාජිකත්වය, ස්කන්ධ ප්‍රාග්ධන ස්වභාවය, රැකියාවන්. බල ප්‍රදේශය තුළ පවතින ඉඩම්/ගොඩනැගිලි/බව භෝග පිළිබඳ කෙටි හැඳින්වීමක්)
  • ආරම්භයේ සිට සමිතියට ලියාපදිංචිය ඉල්ලුම් කරන අවස්ථාව දක්වා සමිතියේ/සංගමයේ ප්‍රගති වාර්තාව.
  • අධ්‍යක්ෂක මණ්ඩලයේ ජීව දත්ත තොරතුරු (නම, වයස, ලිපිනය, රැකියාව, අධ්‍යාපන සුදුසුකම්)
  • සමිතියේ මහ සභා රැස්වීම් වලට සහභාගි වූ අයගේ නාම ලේඛණය
  • සමිතියේ/සංගමයේ දුරකථන අංකයන් , තැපැල් ලිපිනය ඇතුළු  තොරතුරු හුවමාරු කර ගැනීම සදහා  අවශ්‍ය වන දත්තයන්
  • මූල්‍ය භාරකාරිත්වය පිළිබඳ සහතිකයක්
  • සමිතියේ/සංගමයේ ශක්‍යතාවය පිළිබඳ ආර්ථික යෝග්‍යතා සහතිකය සහිතව සමුපකාර සංවර්ධන නිළධාරිගේ නිර්දේශය.

සාමාජිකත්වය

අතුරු ව්‍යවස්ථාවේ සඳහන් විධිවිධාන අනුව සාමාජිකත්වය ලබා ගත හැක.

බඳවා ගැනීම්

  • යම් තැනැත්තෙකු සාමාජිකත්වයට බඳවා ගත හැකි වන්නේ අදාල සමිතියේ අතුරු ව්‍යවස්ථාවට අනුකූලවය.
  • යම් සමිතියකට සාමාජිකයකු වශයෙන් බඳවා ගැනීම ප්‍රතික්ෂේප කල විට එම තැනැත්තාට රෙජිස්ට්‍රාර්වරයා වෙත අභියාචනයක් කල හැකි අතර, ඒ පිලිබඳ රෙජිස්ට්‍රාර්වරයාගේ තීරණය අවසානාත්මක වේ.

ලියාපදිංචි කිරීමෙන් පසු දෙපාර්තමේන්තුවෙන් ලබා දෙන සේවාවන්

  • සමුපකාර සංවර්ධන නිලධාරීන් මගින් උපදෙස් හා අධීක්ෂණ කටයුතු ලබා දීම
  • යහපාලනය සඳහා අවශ්‍ය මූල්‍ය කළමනාකරණ උපදෙස්, සංවර්ධන කළමනාකරණ උපදෙස්, පිරිස් කළමනාකරණ උපදෙස් හා නෛතික උපදෙස් ලබාදීම.
  • වාර්ෂික විගණන කටයුතු.
  • ආරවුල් බේරුම්කරණය හා විමර්ශන කටයුතු
  • අරමුණු සාක්ෂාත් කර ගැනීමට ඇති කරගනු ලබන ව්‍යාපෘති සඳහා මග පෙන්වීම, නිර්දේශ කිරීම හා උපදෙස් ලබාදීම.

සමුපකාර සමිතියක අතුරු ව්‍යවස්ථාව

සමුපකාර සමිතියක අභ්‍යන්තර නීති මාලාව වන්නේ අතුරු ව්‍යවස්ථාවයි. සමිතියේ මහ සභාව විසින් එම අතුරු ව්‍යවස්ථාව පිළිගත් පසු සමුපකාර සමිති රෙජිස්ට්‍රාර්වරයා විසින් ලියාපදිංචි කිරීමෙන් අනතුරුව ඒ සඳහා නීතිමය බලයක් හිමිවේ.

කාරක නියෝගමාලාව

සමිතියේ කටයුතු පවත්වාගෙන යාම සඳහා සමුපකාර පනතට, රීති වලට හා සමිතිය පිළිගත් අතුරු ව්‍යවස්ථාවන්ට අනුකූලවන කාරක නියෝග පැනවිය හැක

අතුරු ව්‍යවස්ථා සංශෝධනය

  • ලියාපදිංචි අතුරු ව්‍යවස්ථාවක් ඉවත් කිරීම, වෙනස් කිරීම, නව ව්‍යවස්ථා මාලාවක් සකස් කිරීම, අතුරු ව්‍යවස්ථා සංශෝධනයක් ලෙස සැලකේ.
  • රීති මාලාවේ 33 වන රීතිය අනුව සංශෝධනය සිදු විය යුතු අතර, එම සංශෝධනය ලියාපදිංචි කරන තුරු වලංගු නොවේ.

අතුරු ව්‍යවස්ථා සංශෝධනයකදී පහත සඳහන් ලියවිලි ඉදිරිපත් කල යුතුය

  • මහ සභා රැස්වීම කැඳවීම දැන්වීමේ පිටපත.
  • මහ සභා රැස්වීමේ න්‍යාය පත්‍රය.
  • අතුරු ව්‍යවස්ථා සංශෝධනය සම්මත කල මහසභා රැස්වීමේ වාර්තාව
  • මහසභා රැස්වීමට පැමිණීමේ ලේඛණය.
  • අතුරු ව්‍යවස්ථා සංශෝධනය නිත්‍යානුකූලව (රීති 33 පරිදි ) සිදුවූ බවට සමිතියේ සභාපති හා ලේකම් අත්සන් කල ප්‍රකාශය.
  • යෝජිත අතුරු ව්‍යවස්ථා සංශෝධන පිටපත් 02 ක්.
  • සමිතියේ ලියාපදිංචි අතුරු ව්‍යවස්ථාව.
  • සමුපකාර සංවර්ධන නිලධාරීගේ නිර්දේශය.

 

සමිතියේ නම

ඇමතුම් තොරතුරු

සී/ස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සකසුරුවම්කම සහ ණය
ගණුදෙනු සහ සුභසාධක සමුපකාර සමිතිය
ලිපිනය අංක:09, කදවල පාර, රත්මලාන.
දුරකතන අංකය +94 11 2635675
ෆැක්ස් අංකය +94 11 2635675
සී/ස රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සකසුරුවම්කම සහ ණය ගණුදෙනු පිළිබඳ සමුපකාර සමිතිය
ලිපිනය අංක:243/ඒ/3, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල.
දුරකතන අංකය +94 11 2868117
ෆැක්ස් අංකය +94 11 2868117
විද්‍යුත් තැපෑල This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
සී/ස රාජ්‍ය සේවා ණය දීමේ හා ඉතිරි කිරීමේ සමුපකාර සමිතිය
ලිපිනය අංක:19, සෝන්ඩර්ස් පෙදෙස, කොළඹ 12.
දුරකතන අංකය +94 11 2327640
ෆැක්ස් අංකය +94 11 2327640
සී/ස සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සමුපකාර සකසුරුවම්කම සහ ණය ගණු දෙනු පිළිබඳ සමිතිය
ලිපිනය අංක:37/36, පන්සල පාර, කොළඹ 10
දුරකතන අංකය +94 11 2662870/+94 11 2685016
ෆැක්ස් අංකය +94 11 2678163
සී/ස බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අනෝන්‍ය අර්ථසාධක අරමුදල් සමුපකාර සමිතිය
ලිපිනය බන්ධනාගාර මූලස්ථානය, බේස්ලයින් පාර, කොළඹ 10
දුරකතන අංකය +94 11 4677139
සී/ස තැපැල් හා ටෙලිකොම් සේවක සමුපකාර බැංකු සමිතිය
ලිපිනය තැ.පෙ. 569, ලෝටස් පාර, කොළඹ 01
දුරකතන අංකය +94 11 2430470/+94 11 2380701/3
ෆැක්ස් අංකය +94 11 2473755
සී/ස අධ්‍යාපන සේවා නියුක්තිකයින්ගේ සමුපකාර සකසුරුවම් සහ ණය දෙන සමිතිය
ලිපිනය අංක:294, ගාළු පාර, කොළඹ 03
දුරකතන අංකය +94 11 2370068
ෆැක්ස් අංකය +94 11 2575605
සී/ස කොළඹ මහරෝග්‍යශාලීය ඉතිරිකිරීමේ හා ණය දීමේ සමුපකාර සමිතිය
ලිපිනය ශ්‍රී ලංකා ජාතික රෝහල, කොළඹ
දුරකතන අංකය +94 11 2665607
සී/ස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉතිරි කිරීමේ සමුපකාර සමිතිය
ලිපිනය තැ.පෙ. 55, දේශීය ආදායම් ගොඩනැගිල්ල, කොළඹ 02
දුරකතන අංකය +94 11 2134491
සී/ස දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සහ ලිපිකරුවන්ගේ සමුපකාර සකසුරුවම් ඉතිරිකිරීමේ හා ණය දෙන සමිතිය
ලිපිනය දුම්රිය මූලස්ථානය, කොළඹ 10
දුරකතන අංකය +94 11 2390860
ෆැක්ස් අංකය +94 11 2390860
සී/ස දුම්රිය මාර්ග හා වැඩ දෙපාර්තමේන්තුවේ සකසුරුවම් සහ ඉතිරි කිරීමේ සමුපකාර සමිතිය
ලිපිනය ඩී.ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10
දුරකතන අංකය +94 718180355
සී/ස සෞඛ්‍ය සේවා මුදල් ඉතිරි කිරීමේ සහ ණය ගණුදෙනු පිළිබඳ සමුපකාර සමිතිය
ලිපිනය අංක:912/1, මරදාන පාර, කොළඹ 08
දුරකතන අංකය +94 11 2687476/+94 11 3169783
සී/ස ලංගම සේවක සකසුරුවම් හා සුභසාධන සමුපකාර සමිතිය
ලිපිනය අංක:323/ඒ, හයිලෙවල් පාර, නුගේගොඩ
දුරකතන අංකය +94 11 2853175
ෆැක්ස් අංකය +94 11 2853175
සී/ස මහජන බැංකු සේවක සමුපකාර සමිතිය
ලිපිනය ශ්‍රීමත් චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවත, කොළඹ 02
දුරකතන අංකය +94 11 2481494
ෆැක්ස් අංකය +94 11 2481494
සී/ස ශ්‍රී ලංකා මුද්‍රණශිල්පීන්ගේ සමුපකාර සමිතිය
ලිපිනය අංක:593, කුලරත්න මාවත, කොළඹ 10
දුරකතන අංකය +94 11 2692811
ෆැක්ස් අංකය +94 11 2677573
විද්‍යුත් තැපෑල This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
සී/ස සතොස සේවකයින්ගේ සමුපකාර සකසුරුවම් සුභසාධක සහ ණය දෙන සමිතිය
ලිපිනය අංක:109, ඩී.ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10
දුරකතන අංකය +94 11 2422683
ෆැක්ස් අංකය +94 11 2422683
සී/ස සමුපකාර දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික නිලධාරීන්ගේ ණය දෙන සමුපකාර සමිතිය
ලිපිනය සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව, අංක 330, යුනියන් පෙදෙස, කොළඹ 02
සී/ස බ්‍රවුන් හවුලේ කාර්මික හා පොදු සේවා සකසුරුවම් සහ ණය ගනු දෙනු පිළිබඳ සමුපකාර සමිතිය
ලිපිනය අංක:481, ටී.බී ජයා මාවත, කොළඹ 10
දුරකතන අංකය +94 11 2663000
සී/ස ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථායීය සකසුරුවම්කම සහ ණය ගණුදෙනු පිළිබඳ සමුපකාර සමිතිය
ලිපිනය අංක:130, ඩබ්ලිව්.ඒ.ඩී රාමනායක මාවත, කොළඹ 10
දුරකතන අංකය +94 11 2430061/65
ෆැක්ස් අංකය +94 11 2336818
සී/ස සමස්ත ලංකා විචිත්‍ර පැලෑටි හා උඩවැඩියා සමුපකාර සමිතිය
ලිපිනය අංක:195/7, ගාලු පාර,කොළඹ 04
දුරකතන අංකය +94 11 2582769
ෆැක්ස් අංකය +94 112582769
විද්‍යුත් තැපෑල This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
සී/ස වානේ කර්මාන්ත සමුපකාර සමිතිය
ලිපිනය අංක:2/12, හයිලෙවල් පාර, කිරුලපන, කොළඹ 06
දුරකතන අංකය +94 11 2514143
ෆැක්ස් අංකය +94 112512041
සී/ස ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවක සමුපකාර බැංකු සමිතිය
ලිපිනය ශ්‍රී ලංකා වරාය අධිකාරිය, බැග්ඩෑඩ් පෙදෙස, කොළඹ 11
දුරකතන අංකය +94 11 2380847
ෆැක්ස් අංකය +94 11 3280847
සී/ස සමස්ත ලංකා අභ්‍යාස පොත් නිපදවන්නන්ගේ සමුපකාර සමිතිය
ලිපිනය අංක:19, සෝන්ඩර්ස් පෙදෙස, කොළඹ 02
දුරකතන අංකය +94 11 2334701
ෆැක්ස් අංකය +94 112334701
සී/ස සමස්ත ලංකා මාදැල් හිමියන්ගේ ධීවර සමුපකාර සමිතිය
ලිපිනය  අංක:3/25, ශාන්ත අන්තෝනි මාවත, බටහිර පලගතුරය, කොච්චිකඩේ.
දුරකතන අංකය +94 314928904/+94 773910569
සී/ස ශ්‍රී ලංකා වරාය අධිකාරිය සේවකයින්ගේ සුභ සාධක සකසුරුවම්කම සහ ගණු දෙනු පිළිබඳ සමුපකාර සමිතිය
ලිපිනය තැ.පෙ. 595, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, කොළඹ 01
දුරකතන අංකය +94 11 2482698/+94 112482978
විද්‍යුත් තැපෑල This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
සී/ස ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ සංවර්ධන සේවා සමුපකාර සමිතිය
ලිපිනය අංක:145/80, සීවලීපුර ඊ කලාපය, බොරැල්ල, කොළඹ 06
දුරකතන අංකය +94 11 2681355/+94 776901614(GM)
සී/ස සණස සංවර්ධන බැංකුවේ සේවක සණස සමිතිය
ලිපිනය අංක:06 ,එඩ්මන්ටර් පාර, කිරුළපන, කොළඹ 06
දුරකතන අංකය +94 11 2832500
ෆැක්ස් අංකය +94 112541251
විද්‍යුත් තැපෑල This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
සී/ස සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරීන්ගේ සකසුරුවම් හා ණය ගණු දෙනු පිළිබඳ සමුපකාර සමිතිය
ලිපිනය අංක:51/9, ධර්මෝදය පාර, බත්තරමුල්ල
දුරකතන අංකය +94 11 5765834
ෆැක්ස් අංකය +94 11 2885899
සී/ස වතුසේවා නිලධාරීන්ගේ නිවාස සමුපකාර සමිතිය
ලිපිනය අංක:06, ඇලෝයි මාවත, කොළඹ 03
දුරකතන අංකය +94 11 3137582
ෆැක්ස් අංකය +94 11 2576841
සී/ස ජල සම්පාදන මණ්ඩලයේ සමස්ත සේවකයින්ගේ සකසුරුවම් හා ණය ගනු දෙනු පිළිබඳ සමුපකාර සමිතිය
ලිපිනය තෙලවල පාර, රත්මලාන
දුරකතන අංකය +94 11 2622811
ෆැක්ස් අංකය +94 715167789
සී/ස රාජ්‍ය සේවා උපාධිධාරී සකසුරුවම් හා ණය ගණු දෙනු පිළිබඳ සමුපකාර සමිතිය
ලිපිනය අංක:330, යුනියන් පෙදෙස, කොළඹ 02
දුරකතන අංකය  
ෆැක්ස් අංකය  
විද්‍යුත් තැපෑල  
සී/ස සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ ධාන්‍ය සැකසුම්කරුවන්ගේ ව්‍යවසායකත්ව සංවර්ධන සමුපකාර සමිතිය
ලිපිනය නුවර පාර, වීදිය වත්ත, යක්කල
දුරකතන අංකය +94 718253112
සී/ස වරාය නැව් සේවා සමුපකාර සමිතිය
ලිපිනය කොළඹ නැව් තොට පැරණි දුමිරිය කාර්යාලය, කෙලින් වීදිය, කොළඹ 11
දුරකතන අංකය +94 11 2320207/+94 11 5767606
සී/ස යහජීවන සමුපකාර සමිතිය
ලිපිනය අංක:54/2, අනුර මාවත ඇන්ඩර්සන් පාර, දෙහිවල
දුරකතන අංකය  
සී/ස සමස්ත ලංකා මාධ්‍යවේදීන්ගේ සකසුරුවම් හා සුභසාධක සමුපකාර සමිතිය
ලිපිනය එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම, ලේක්හවුස්, ඩී.ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10
දුරකතන අංකය  
සී/ස නිවාස හා දේපල සංවර්ධන සමුපකාර සමිතිය
ලිපිනය අංක:144/6, හයිලෙවල් පාර, කොට්ටාව
දුරකතන අංකය  
සී/ස රජරට විශ්ව විද්‍යාල සමුපකාර සමිතිය
ලිපිනය රජරට විශ්ව විද්‍යාල, මිහින්තලය
දුරකතන අංකය +94 25 2266650/+94 714416051
ෆැක්ස් අංකය +94 25 2266512/+94 25 2266694
සී/ස ශ්‍රී ලංකා මැනුම් දෙපාර්තමේන්තු මැනුම් සහකරුවන්ගේ ස.ණ.ස
ලිපිනය ප්‍රධාන මැනුම් කාර්යාලය, තැ‍.පෙ. 506. කොළඹ 05
දුරකතන අංකය +94 11 2369979
ෆැක්ස් අංකය +94 714399116
සී/ස සමස්ත ලංකා කෘෂිකාර්මික සමිතිය
ලිපිනය බිලැක්පුල් නුවරඑලිය
දුරකතන අංකය +94 55 22234747
ෆැක්ස් අංකය +94 55 22234747
විද්‍යුත් තැපෑල  
සී/ස කිරි නිෂ්පාදකයන්ගේ ජාතික සමුපකාර සමිතිය
ලිපිනය                        

ස.තො.ස මහ ලේකම් කාර්යාලය,නො 27,වෝක්ෂෝල් වීදිය, කොළඹ 02

දුරකතන අංකය      

+94 71 4865170 / +94 71 4374289

සී/ස කළමනාකරණ සහකාර නිළධාරීන්ගේ සමුපකාර සමිතිය
ලිපිනය                
දුරකතන අංකය   
සී/ස ප්‍රජා ශක්ති තරුණ අභිවෘද්ධි සමුපකාර සමිතිය
ලිපිනය      
දුරකථන අංකය  

සමිතියේ නම

ඇමතුම් තොරතුරු

සී/ස ශ්‍රී ලංකා ජාතික සමූපකාර මණ්ඩලය
ලිපිනය අංක. 455, සමුපකාර මන්දිරය, ගාලු පාර, කොළඹ 03
දුරකතන අංකය +94 11 2585496 / +94 11 2587062
+94 11 2589307
ෆැක්ස් අංකය +94 11 2584638 / +94 11 2587062
+94 11 2589307
විද්‍යුත් තැපෑල This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
සී/ස ශ්‍රී ලංකා පොල් නිපදවන්නන්ගේ සමූපකාර සමිති සංගමය
ලිපිනය අංක:127, ග්‍රෑන්ඩ්පාස් පාර, කොළඹ 14
දුරකතන අංකය +94 11 2323540 / +94 11 2470894
+94 11 4899234
ෆැක්ස් අංකය +94 11 2329024
විද්‍යුත් තැපෑල This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
සී/ස ශ්‍රී ලංකා ධීවර සමූපකාර සමිති සංගමය
ලිපිනය අංක. 190, කුඩාපාඩුව, මීගමුව
දුරකතන අංකය +94 31 2222265
ෆැක්ස් අංකය +94 31 2222265
විද්‍යුත් තැපෑල This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
සී/ස ශ්‍රී ලංකා සමූපකාර අලෙවි සංගමය
ලිපිනය අංක:127, ග්‍රෑන්ඩ්පාස් පාර, කොළඹ 14
දුරකතන අංකය +94 11 2325642 / +94 11 2324992
+94 11 2328322 / +94 11 2324993
ෆැක්ස් අංකය +94 11 2325497 / +94 11 2446429
විද්‍යුත් තැපෑල This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
සී/ස ශ්‍රී ලංකා කර්මාන්ත මහා සමිති සංගමය
ලිපිනය සියෙස්ටා මන්දිරය, 327, ගාලු පාර, කොළඹ 03
දුරකතන අංකය +94 11 2301415 / +94 11 2573834
ෆැක්ස් අංකය +94 11 2577614
විද්‍යුත් තැපෑල This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
සී/ස ශ්‍රී ලංකා පේෂ කර්මාන්ත සංගමය
ලිපිනය අංක:11, සොන්ඩර්ස් පෙදෙස, කොළඹ 12
දුරකතන අංකය +94 11 2331261 / +94 11 3070246
ෆැක්ස් අංකය +94 11 2331261
සී/ස ශ්‍රී ලංකා සකසුරුවම් හා ණය ගණුදෙනු පිළිබඳ මහා සමිතිය
ලිපිනය අංක:45/90, නාවල පාර, නාරාහේන්පිට
දුරකතන අංකය +94 11 369042/43/45
ෆැක්ස් අංකය +94 11 369042/43
විද්‍යුත් තැපෑල This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
සී/ස ශ්‍රී ලංකා ජාතික තරුණ සේවා සමූපකාර සමිති සංගමය
ලිපිනය අංක:65, හයිලෙවල් පාර, මහරගම
දුරකතන අංකය +94 11 2837563 / +94 11 2850986
ෆැක්ස් අංකය +94 11 2848899
විද්‍යුත් තැපෑල This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
සී/ස ශ්‍රී ලංකා පාරිභෝගික සමූපකාර සමිති සංගමය
ලිපිනය අංක:11, සෝන්ඩර්ස් පෙදෙස, කොළඹ 12
දුරකතන අංකය +94 11 438137/38
ෆැක්ස් අංකය +94 11 2331008
විද්‍යුත් තැපෑල This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
සී/ස ශ්‍රී ලංකා කිරි නිපදවන්නන්ගේ සමූපකාර සමිති මහා සංගමය
ලිපිනය සෝන්ඩර්ස් පෙදෙස, කොළඹ 12
දුරකතන අංකය  
සී/ස ශ්‍රී ලංකා ග්‍රාමීය බැංකු මහා සංගමය
ලිපිනය සමුපකාර චතුරශ්‍රය, අංක:127, ග්‍රෑන්පාස් පාර, කොළඹ 14
දුරකතන අංකය +94 11 2478658 / +94 11 5652752
ෆැක්ස් අංකය +94 11 2478658
විද්‍යුත් තැපෑල This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
සී/ස ශ්‍රී ලංකා තේ නිෂ්පාදන සමූපකාර සමිති සංගමය
ලිපිනය සමුත්කෝප්, හේනේගම, අකුරැස්ස
දුරකතන අංකය +94 41 2283271
ෆැක්ස් අංකය +94 41 2283271
විද්‍යුත් තැපෑල  
සී/ස සම්පත් කළමණාකරණ සමුපකාර සන්ධානය
ලිපිනය අංක:220/1, හයිලෙවල් පාර, වත්තේගෙදර, මහරගම
දුරකතන අංකය +94 11 2851213
ෆැක්ස් අංකය +94 11 4301228
සී/ස ආරෝග්‍ය ශාලා සේවා සමුපකාර සමිති මහා සංගමය
ලිපිනය අංක:455, සමුපකාර මන්දිරය, ගාලු පාර, කොළඹ 03
දුරකතන අංකය +94 11 3137925
ෆැක්ස් අංකය +94 11 2587062
විද්‍යුත් තැපෑල This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

වැඩි විස්තර සඳහා:

බී.එම්.එම්. බන්දුල මයා
සහකාර කොමසාරිස් (සමිති/නීති/විමර්ශන)
දුරකථන : +94 11 2447993
ෆැක්ස් : +94 11 2478386

නැවුම් පුවත් හා සිදුවීම්

  • 1
  • 2
  • 3
තොරතුරු තාක්ෂණ ඒකකයේ තනතුරු පුරප්පාඩු සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ ඒකකයේ පහත සදහන් තනතුරුවල... තවදුරටත්
සමුපකාර පළාත් අමාත්‍ය සමුළුව 2017.09.27 දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී සමුපකාර පළාත් අමාත්‍ය සමුළුව 2017.09.27 දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ... තවදුරටත්
“COOP Sri Lanka Road Map 2020” ජනපතිට පිළිගැන්වේ   ශ්‍රී ලංකා සමුපකාර ව්‍යාපාරය නව මාවතකට යොමු කිරීමේ අරමුණින් කර්මාන්ත හා වාණිජ කටයුතු... තවදුරටත්
සමුපකාරය පොදු ජනතාවගේ ජාතික ව්‍යාපාරයක්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන   මිත්‍රශීලීභාවය, එකමුතු බව, සමානාත්මතාව, සහමූහිකත්වය සමාජවාදි දේශපාලන සිද්ධාන්ත වලට බොහෝ... තවදුරටත්
සමුපකාර සමිති ගණුදෙනුකරුවන් වෙත කෙරෙන විශේෂ දැනුම්දීමයි සමුපකාර සමිති ගණුදෙනුකරුවන් වෙත කෙරෙන විශේෂ දැනුම්දීමයි   කර්මාන්ත සහ වාණිජ කටයුතු... තවදුරටත්

ආශ්‍රිත සබැඳි

 ජාතික

 අන්තර්ජාතික

 සමුපකාර සමිති