TamilSriLankaEnglish (UK)

ව්‍යාපෘති හා අලෙවි අංශය

සමුපකාර සමිතිවල මෙහෙවර හා අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා දියත් කරන ව්‍යාපෘති සහ වැඩසටහන් සඳහා අවශ්‍ය මගපෙන්වීම අපගේ කාර්යභාරයයි.

අපගේ විෂය පථය

  • මගපෙන්වීම හා සම්බන්ධීකරණය
  • කාලීන ව්‍යාපෘති හදුන්වාදීම හා ක්‍රියාත්මක කිරීම සදහා සහය දැක්වීම.
  • ජාතික සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  • අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ කටයුතු සැලසුම් කිරීම හා සංවිධානය කිරීම.
  • හදිසි අවස්ථාවන් සදහා අත්‍යවශ්‍ය සේවාවන් සැපයීම සදහා අවශ්‍ය කටයුතු කිරීම.

ව්‍යාපෘති අවශ්‍යතාවයන් හඳුනා ගන්නා ආකාරය

ජාතික සංවර්ධනයට අදාලවන සමුපකාර ක්ෂේත්‍රයේ ව්‍යාපෘති සඳහා විශේෂ අවධානය යොමුවේ. රටේ සංවර්ධනයට දායකත්වයක් ලබාදිය හැකි, වත්මන් ආර්ථික පරිසරයට අදාලවන පරිදි, සමිතියේ මූල්‍යමය හැකියාවන්ට අනුකූලව, සමිතියේ සම්පත් වලින් උපරිම දායකත්වයක් ලබාගැනීමට හැකි හා පාරිභෝගික තෘප්තිය ඇති කරන නිෂ්පාදන හෝ සේවාවන් ලබා දීම සඳහා සැලසුම් කල හැකි ව්‍යාපෘතීන් මෙහිදී හදුනා ගැනීම සිදුවේ.

සමුපකාර ව්‍යාපාරය වෙනුවෙන් ක්‍රියාත්මක කල ව්‍යාපෘතීන්

රටේ සංවර්ධනය උදෙසා සමුපකාර ව්‍යාපාරය වෙනුවෙන් ක්‍රියාත්මක කළ ව්‍යාපෘති

කෝප්සිටි සුපිරි වෙළඳසැල් ජාලය

ලංකාව පුරා පාරිභෝගිකයන්ගේ ජීවන අවශ්‍යතා සපුරාලීම සඳහා සුපිරි වෙළඳසැල් ජාලයක් බිහි කිරීමට දායකත්වය ලබා දී ඇත.     

කෝප්සිටි   402
මිනි කෝප්සිටි 1200
මෙගා කෝප්සිටි    16

සමුපකාර රෝහල්

සාමාජික හා සාමාජික නොවන සියළු දෙනාගේම වෛද්‍ය පහසුකම් හා සත්කාරක සේවාවන් ලබාදීමේ අරමුණ ඇතිව සැමට සේවයක් සපයා දීමට සමුපකාර රෝහල් ඉදිකිරීම.

පළාත රෝහල්
දකුණු පළාත සී/ස ගාල්ල සමුපකාර රෝහල (සී/ස ගාල්ල දිස්ත්‍රීක් ආරෝග්‍යශාලා සමුපකාර සමිතිය)
දකුණු පළාත සී/ස මාතර සමුපකාර රෝහල
වයඹ පළාත සී/ස කුරුණෑගල සමුපකාර රෝහල (සී/ස කුරුණෑගල සමුපකාර ආරෝග්‍යශාලා සමිතිය)
මධ්‍යම පළාත සී/ස නුවරඑළිය විවිධ සේවා සමුපකාර රෝහල (නුවර එළිය වි.සේ.ස සමිතිය)
බස්නාහිර පළාත සී/ස ගම්පහ සමුපකාර ආරෝග්‍ය ශාලාව (සී/ස ගම්පහ ආරෝග්‍යශාලා සමුපකාර සමිතිය)
බස්නාහිර පළාත සිරි සද සුව සෙවන රෝහල, නිට්ටඹුව (සී/ස අත්තනගල්ල වි.සේ.ස සමිතිය)
බස්නාහිර පළාත කොටහේන සමුපකාර ආරෝග්‍ය ශාලාව (සී/ස කොටහේන සමුපකාර සමිතිය)
උතුරු මැද පළාත අනුරාධපුර වි.සේ.ස සමිති රෝහල (අනුරාධපුර වි.සේ.ස සමිතිය)
නැ‍ගෙනහිර පළාත සමුපකාර රෝහල එරාවුර් (සී/ස එරාවුර් වි.සේ.ස සමිතිය)

ඉන්ධනහල් සහ වෙනත් සේවාවන්

  • ආදායම් උපදවන ව්‍යාපෘති ලෙස සමුපකාර සමිති මගින් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කර ඇති ඉන්ධනහල් රාශියක් සඳහා ආධාර ලබා දීම ද සිදු කරයි.
  • ජීවිත රක්ෂණ, වාහන රක්ෂණ ආදී සේවා සැපයීම අරමුණු ඇතිව සමුපකාර ක්ෂේත්‍රයට රක්ෂණ සේවා,කල් බදු සේවා හදුන්වා දීම.
  • එමෙන්ම කල්බදු පහසුකම් ලබා දීමේ සේවාවන් ඉටුකර දීම.

නිෂ්පාදන ව්‍යාපෘති

  • මුද්‍රණ, ලිපි ද්‍රව්‍ය හා අභ්‍යාස පොත් නිෂ්පාදනය
  • සියෙස්ටා කොහු මෙට්ට සහ කොහු ආශ්‍රිත නිෂ්පාදනය
  • පොල් ආශ්‍රිත නිෂ්පාදන
  • තේ නිෂ්පාදනය
  • මල් සහ විචිත්‍ර පැලෑටි

වි‍ශේෂ ව්‍යාපෘති

  • නැණ ශක්ති පාසල් වැඩසටහන: දැනට ක්‍රියාත්මකව පවතින පාසැල් සමුපකාර සමිති ව්‍යුහය නව මුහුණුවරකින් ප්‍රතිසංවිධානය කරමින් "නැණ ශක්ති" වැඩසටහන2013 වර්ෂයේ සිට සමුපකාර ක්ෂේත්‍රයට හදුන්වා දීමට පියවර ගෙන ඇත. සමුපකාර සාරධර්ම, සාධාරණත්වය පදනම් කරගත් නැණ ගුණ පිරි සිසු පරපුරක් හා අනාගත සමුපකාර ව්‍යවසායකත්ව ගුණාංග සහිත නායකයින් බිහි කිරීම මෙහි අරමුණ වේ. ශිෂ්‍යයා අනාගත සමාජ ආර්ථික පරිසරයට යෝග්‍යවන පුරවැසියෙක් බවට පත් කිරීම හා සමාජ සජීවීකාරකයකු බවට පත් කිරීම සඳහා නව ප්‍රවේශයකින් කටයුතු කිරීමට මෙම වැඩසටහන මගින් අපේක්ෂා කෙරේ.

නව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා සපුරාලිය යුතු කරුණු

  • ඔබගේ අවශ්‍යතාවය කුමක්ද යන්න පැහැදිලි කරගන්න.
  • ඔබේ ව්‍යාපෘතිය සාමාජික හා පාරිසරික වශයෙන්, ආර්ථික, තාක්ෂණික, කළමනාකරණ හා මූල්‍ය හැකියාවන් අතින් සුදුසු බව පිළිබඳ ශක්‍යතා වාර්තාව සකස් කරන්න
  • ව්‍යාපෘතිය සහ මූල්‍ය පුරෝකථනයන් සැලසුම් කරන්න.
  • ව්‍යාපෘති වාර්තාව විධිමත්ව සකස් කරන්න

සම්පූර්ණ කරන ලද ව්‍යාපෘති ආකෘති පත්‍රය සමඟ ඉදිරිපත් කල යුතු ලිපි ලේඛන

  • සමිතියේ ඉල්ලීම් ලිපිය. (පිටපත් 02)
  • අධ්‍යක්ෂ මණ්ඩල තීරණය සහ මහ සභා තීරණය වාර්තා. (සහතික කල පිටපත්)
  • යෝග්‍යතා වාර්තා හා ඇස්තමේන්තුව. (පිටපත් 02)
  • සමිතියේ සංවර්ධන සැලැස්මට අනුකූලද යන්න.
  • මූල්‍ය වාර්තාව.
  • ලාභදායී විශ්ලේෂණය.
  • ව්‍යාපෘති වාර්තාව.

සමුපකාර ආයතන වෙත ලබා දෙන වෙනත් සේවාවන්

  • නවීන තාක්ෂණ භාවිතය සඳහා  උපදෙස් හා පහසුකම් ලබාදීම (පරිගණක භාවිතය ණයපත් මඟින් මුදල් ගෙවීම)
  • අත්දැකීම් හුවමාරුකර ගැනීම සදහා වැඩසටහන් සම්බන්ධීකරණය කිරීම.
  • බාහිර සම්බන්ධීකරණ කටයුතු

වැඩි විස්තර සඳහා:

ජී.ජී. දයාසුමන මයා

සහකාර කොමසාරිස් (සමිති ප්‍රවර්ධන)

දුරකථන : +94 11 2436852
ෆැක්ස්   : + 94 11 2330705

නැවුම් පුවත් හා සිදුවීම්

සමුපකාරකයින් සඳහා සමුපකාර ගම්මානයක් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මකවන මොරගහකන්ද සහ කළුගඟ... තවදුරටත්
සමුපකාර සමිති ගණුදෙනුකරුවන් වෙත කෙරෙන විශේෂ දැනුම්දීමයි සමුපකාර සමිති ගණුදෙනුකරුවන් වෙත කෙරෙන විශේෂ දැනුම්දීමයි   කර්මාන්ත සහ වාණිජ කටයුතු... තවදුරටත්

ආශ්‍රිත සබැඳි

 ජාතික

 අන්තර්ජාතික

 සමුපකාර සමිති